බෝතල් වලට පෙට්‍රල් නොදෙන්නැයි ඇමති අර්ජුනගෙන් නියෝග


වාහනවලට මිස කෑන්, බෝතල් ආදියට පෙට්‍රල් අලෙවි නොකරන ලෙස ඉන්ධන පිරවුම්හල්වලට උපදෙස් දුන්
බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

අර්ජුන රණතුංග මහතා ඊයේ පැවසීය.
එසේ ඉන්ධන අලෙවි කිරිම වරදක් බැවින් බෝතල් ආදියට පෙට්‍රල් ලබාදෙන පිරවුම්හල් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට ද දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙට්‍රල් සමිබන්ධයෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වයත් සමග බෝතල් කැන් ආදිය රැගෙනවිත් පෙට්‍රල් ලබාගෙන යන්නන් ඉන්ධන පිරවුමිහල්වල පෝලිම් ගැසී සිටින බව දක්නට ලැබුණු බව කී අමාත්‍යවරයා ඇතැමුන් මේ ආකාරයෙන් පෙට්‍රල් රැගෙන ගොස් වැඩි මිලට විකුණන බවද වාර්තා වි ඇතැයි කීවේය.වාහනවලට මිස වෙනත් උපකරණ වලට පෙට්‍රල් ගැසීම නීති විරෝධී බිවද ඇමැතිවරයා කීය.
Previous Post Next Post