වාහන-බියර්-ව්‍යාපාර ණයට මොකද වෙන්නේ -අයවැය හවස 3 ට සියල්ල සූදානම්


සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද සවස 3 ට සිදුවේ.2018 වසර සඳහා වන අයවැය යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර

විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්

කරන්නේ අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන පළමු අයවැය ලෙසයි.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එම යෝජනාවලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් අද දහවල් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙමින් පවතී.
විදුලි හා 1000 සීසී පහළ වාහන බදු ප්‍රතිශතයන් මෙවර අයවැය යෝජනා මගින් අඩු වන බවටත් ධීවර ආම්පන්න මිල ගණන්වල
අඩුවීමක් සිදුවන බවටත් ව්‍යාපාර ඇරඹීමට දුෂ්කරතා නොවිඳ ණය පහසුකම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලකුත් හඳුන්වා දෙන්නට මෙවර අයවැයෙන් සූදානම් බවට ආරංචි පළව තිබේ.
බියර් අලෙවිය සම්බන්ධයෙන් අලුත් නීතිරීතිද හඳුන්වාදෙන බවට ආරංචි පළවිය.
Previous Post Next Post