FB LIve ඇවිත් ‘මෙන්න අපි යන ස්පීඩ් එක‘ කියා රිය පදවාගිය තරුණයින් 8 ක් අනතුරින් මරුට

‘මෙන්න අපි යන ස්පීඩ් එක‘ යයි ෆේස් බුක් මිතුරන්ට තමන් වාහනයේ ගමන් කරන වේගය ගැන උදාන වැකි කියමින් ගිය තරුණයින් 8 දෙනෙකු සහිත අධික වේගයෙන් ගමන් කළ වාහනයක් ඉන්දියාවේ රාජස්ථාන්හි
සොම්කග්දර්හිදී අනතුරට පත්වී එහි ගමන් කළ 8 දෙනාම ජීවිතක්ෂයට පත්වී තිබේ.

පසුගිය දීපවාලී සැමරුම වෙනුවෙන් රාත්‍රී කාලයේ විනෝදවන්නට ගිය තරුණයින් පිරිසක් මෙම අනතුරට මුහුණපා ඇත.
 සිද්ධිය අවස්ථාවේ ඔවුන් සියල්ලන් රිය පදවද්දී ජංගම දුරකථනවල ෆේස් බුක් වෙත අවධානය යොමු කරමින් සිටි නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරුවී තිබේ.

සිද්ධිය ස්ථානයේම 4 දෙනෙකුද ඉන්පසු රෝහලේදී ඉතිරි 4 දෙනාද මියගිය බව වාර්තා විය.

සිද්ධිය සම්බන්ධ වීඩියෝව පහළින්ම තිබේ.

Previous Post Next Post