බ්‍රිතාන්‍ය ජාතිකයා Facebook Live ආව නිසා දික් ගැසුණු අයිඩෙන්ටි නොපෙන්වා අපි සීඅයිඩී කියන ජාවාරම


බ්‍රිතාන්‍ය ජාතිකයා Facebook Live ආව නිසා දික් ගැසුණු
අයිඩෙන්ටි නොපෙන්වා අපි සීඅයිඩී කියන ජාවාරම

බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයක් අතරතුර පසුගිය 24 වනදා මුහුණදුන් සිද්ධියක් මේ වනවිට සමාජ ජාල තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
අඩම් කෙල්වික් නමැති මානව සහන ව්‍යාපෘතියක සේවය කරන මොහු පසුගියදා රත්නපුර ප්‍රදේශයේ සංචාරයකදී සුවඳ හමන ලී විශේෂයක් කියා වල්ලපට්ටා දැව කොටස් විකුණූ අයෙකුගෙන් ඒවා ලබාගෙන තිබෙන අතර පසුව ඔහු තවත් ස්ථාන වලට ගොස් නැවත ඔහු නවාතැන්ගෙන සිටි කොළඹ හෝටලයට කුලී රථයක එමින් ගමනේදී ඔහුව වැල්ලම්පිටිය යාබද ස්ථානයක් පසුකර ගමන් කර තිබේ. අඩ අඳුර වැටුණ සන්ධ්‍යා කාලයේදී  අතුරු පාරක ගමන් කරමින් සිටියදී
ඔහු ගමන් කළ වාහනය නැවතූ තවත් වාහනයක පුද්ගලයෙකු මොහු කොකේන් රැගෙන යන බවට සැක යයිද තමා රහස් පොලිසියේ යයිද කියමින් වාහනය පරීක්ෂා කරන්නට අවශ්‍ය යයි කියමින් නතර කර තිබේ.
එම අවස්ථාවේ වාහනය පැදවූ තැනැත්තා නතර කළත් පරීක්ෂාව සඳහා අවසර දෙන්නට පෙර හැඳුනුමපත

පෙන්වන්නැයි විදෙස් ජාතිකයා ඉල්ලා සිටි නමුත් ඒ පුද්ගලයා එය නොකරයි.නැවත නැවතත් හැඳුනුම් පත නැතිව එය කළ නොහැකි බව දැන්වූ පසු ඔහු පළා යන අතර තවත් එවැනිම පුද්ගලයෙකු වාහනය නතර කර බෑග් පරීක්ෂාවට ඉල්ලන්නේ තමා පොලිසියෙන් යයි කියමිනි.

මේ අවස්ථාවේත් විදෙස් ජාතිකයා හැඳුනුම් පත ඉල්ලුවත් රහස් පොලිසියේ යයි කියන ඔහු සතුවද එවැන්නක් නොමැති බව පෙනී යන අතර ඔහුද එය මග හරී. එම පුද්ගලයා වාහනයට නැග එය වැල්ලම් පිටය පොලිසියට රැගෙන යන්නැයි ිරයදුරාට දැන්වුවත් විදෙස් ජාතිකයා එයට ඉඩ නොදෙයි. තමා සතුව නීති විරෝධී කිසිවක් නැති නිසා එවැන්නක් කළ යුතු නැතැයි ඔහු පවසයි. එම අවස්ථාවේ වාහනයෙන් බැස දෙවන පුද්ගලයාද පළා යයි.

මෙම සිද්ධියෙන් පසුව හෝටලයට යන විදෙස් ජාතිකයාව අත්අඩංගුවට හෝටලයට එන්නේ නිල ඇඳුම් හැඳගත් පොලිස් නිලධාරීන්ය. ඔවුන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කර වල්ලපට්ටා කිලෝ 3 කට වැඩි ප්‍රමාණයක් ඇති බව පෙන්ව ඔහුව අත්අඩංගුවට ගනු ලබයි.
තමා ඒවා ලංකාවේ නීති විරෝධී යයි දැන සිටියේ නැති බව ඔහු පවසයි.

මෙම සම්පූර්ණ සංසිද්ධින් ෆේස් බුක් ලයිව් යමින් තම හිතවතුන්ට පෙන්වමින් සිටි මෙම මානව සහන නිලධාරියා මේ ගැන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටින අතර මෙම සිදුවීම් වන අතර එම කොමසාරිස් කාර්යාලයේ අවධානයද ඔහුට ලැබිණි.
පොලිසිය වල්ලපට්ටා අත්ඩංගුවට ගන්නට බ්‍රිතාන්‍ය ජාතිකයා සිටි හෝටලයට ගොස් ඇත්තේ කිසියම් පුද්ගලයෙකු ලබාදුන්

පැමිණිල්ලක් මත මිස රහස් පොලිසිය බ්‍රිතාන්‍ය ජාතිකයාව මගදී අල්ලන්නට ගොස් බැරිවී පසුව සාමාන්‍ය පොලිසිය වෙත එය යොමු කළ නිසා නොවන බවද පසුව හෙළි විය.

ඒ අනුව බ්‍රිතාන්‍ය ජාතිකයාව කිසියම් ජාවාරම් කාරයින් පිරසකගේ ග්‍රහණයට හසුවන්නට ගොස් ඔවුන් වැඩේ වැරදුණ නිසා පොලිසියට ඔහු හසු කර ඇති බවක්ද පෙනී යයි. සියල්ල ෆේස් බුක් ලයිව් ඔස්සේ පටිගතවූ නිසා මෙම ජාවාරම් කරුවන් සැලසුම වෙනස් කළ බවක්ද පෙනී යයි.

මෙම සිද්ධියට රහස් පොලිසිය සම්බන්ධ නොවුනේ නම් මෙම බ්‍රිතාන්‍ය ජාතකයා කොකේන් අරන් යන බව කියමින් මගදී අල්ලන්නට ආ රහස් පොලිස් නිලධාරීන් කවුරුන්ද යන්න ප්‍රහේලිකාවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේ ඒ ගැන සොයා බලන බවකි.

මේ සම්බන්ධයෙන් සිරස නිවුස් ෆර්ස්ට් සොයාබැලීමක් කර තිබුණ අතර රහස් පොලිසියෙන් කියා ආ වාහනයේ අංකය අනුව එම නිවස පරීක්ෂා කර බැලීමේදී ඒ කියන වාහනය පුද්ගලයෙකුට අයත් එකක් පමණක් බව හෙළිව ඇත.එසේම බ්‍රිතාන්‍ය ජාතිකයා ගමන් කළ වාහනයේ රියදුරු දෙමළෙන් කතාකරන කිසියම් වාක්‍යයකින් සැක පහළවන්නේ ඔහුගේ උපදස් මත මංකොල්ල කල්ලියක් රහස් පොලිස් වෙස් ගෙන ඇති බවකි.

සිද්ධියට අදාළ වීඩියෝ පහතින්

බ්‍රිතාන්‍ය ජාතිකයා facebook live ආ හටි
Previous Post Next Post