මිනිසුන් ගැහැණුන් මරා සිරුරු ගෙයක සඟවා සිටි අබිරහස් ජපනා හසුවේ


අබිරහස් ලෙස කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමියෙකු මරා දමා එම සිරුරු ඉරා එම කොටස් රසායනික තුළ ගිල්වා නිවසක සඟවා සිටි බව කියන අමුතු ආකාරයේ ජපන් ජාතිකයෙකු අද පොලිසියට කොටුවී ඇති බව
විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
27 හැවිරිදි තකහිරෝ ෂරයිසි නමැති මෙම පුද්ගලයා හසුව ඇත්තේ එලෙස අබිරහස් ලෙස අතුරුදන්ව සිටි කාන්තාවක පිළිබඳ ටෝකියෝ පොලිසිය කළ සොයා බැලීමකදීය.

මහල් නිවාසයක වාසය කළ ඔහු නිවසේ තිබුණ ශීතකරණ තුළ රසායනිකවල ගිල්වූ කිහිප දෙනෙකුගේම සිරුරු කොටස් හමුවූ බවත්

 පසුව කළ ප්‍රශ්න කිරීමේදී 9 දෙනෙකුගේ ඝාතන වලින් පසු එම සිරුරු තමා තැන්පත්කරගෙන සිටි බව ඔහු පිළිගත් බවත් එන්එච්කේ නාලිකාව වාර්තා කරයි.

තමාට එම සිරුරු සඟවන්නට උවමනා වූයේ ඒ අය මරා දමන ලද සාක්ෂි වසන් කිරීමේ අටියෙන් බවත් ඔහු පවසා ඇත.


Previous Post Next Post