ඊයේ හවස මැදමුලනට අකුණු වැදී 3 ක් මරුට


ඊයේ (29) සන්ධ්‍යා කාලයේ දිවයින පුරා ඇතිවූ අකුණු වැසි සහිත කාලගුණය නිසා අකුණු සැර වැදීමේ සිද්ධි ගණනාවක් වාර්තාවී ඇත.
වීරකැටිය

මැද මුලන හිටපු ජනපති මහින්දගේ නිවස ඉදිරිපිට තිබෙන හෙලිකොප්ටර් අංගනයේ වී වේලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට ඊයේ සවස අකුණු සැරවැදීමක් නිසා තිදෙනාම එම ස්ථානයේ මියයාමේ සිද්ධියක්ද වාර්තා විය.
මිය ගිය අය ගල්පොත්තයාය කුඩාසිඹුල හා සියඹලහැත්තෑව යන ප්‍රෙද්ශ වල පදිංචි අය බවද වාර්තා විය. එදින කුලී පදනම මත වීවේලීමට ඔවුන් මැදමුලනට පැමිණ තිබෙන අතර අකුණු සැර වැදී මියගොස් ඇත.


Previous Post Next Post