පාතාල කල්ලි 3ක් සමඟ සම්බන්ධ බවට හෙළිවූ එජාපයේ රන්දීර්ට විනය පරීක්ෂණ


පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රි රන්දීර් රුද්‍රිගු නමැත්තා මෙරට ප්‍රකට පාතාල කල්ලි
තුනක් ඇසුරු කර

ඇතැයි විමර්ශනවලින් හෙළිව ඇත.

අංගොඩ ලොක්කාගේ කල්ලිය, මාකිලන්ගමුවේ සංජීවගේ කල්ලිය සහ 'කොළොන්නාවේ චාමර'ගේ කල්ලිය යන පාතාල කල්ලි තුන සමඟ සැකකාර මන්ත්‍රිවරයා සමීප ඇසුරක් පවත්වාගෙන ඇති බව හෙළි වූ අතරම සැකකාර රන්දීර් රුද්‍රිගු මන්ත්‍රිවරයාගේ හැඳල ප්‍රදේශයේ පිහිටි නිවෙසේ  නිවෙසේ සිවිලිමේ සඟවා තිබූ උණ්ඩ 115ක්, වෙඩි නොවදින ඇඳුමක්, පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 68ක්, කඩුවක් සහ කිණිස්සක්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
 එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  රන්දීර් රොද්‍රිගෝ මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත් වන ලෙස නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්දීම අනුව මහලේකම් කබීර් හෂීම් නියෝග කර තිබේ.

Previous Post Next Post