කොස්ගොඩ ප්‍රදේශ 3ක වෙඩි තැබීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මරුට

ගාල්ල, කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන තුනකදී අද 29 අලුයම සිදුවු වෙඩි තැබීම්වලින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කුරුඳුගහපියස, මැණික්ගම සහ ලෑලිහෙත්තුව යුද පිට්ටනිය යන ප්‍රදේශවල මෙම වෙඩි තැබීම් සිදුව ඇති බව ය.

පළමු වෙඩි තැබීම සිදුව ඇත්තේ කුරුඳුගහපියස ප්‍රදේශයේදී ය.
ඉන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබිණි.
දෙවන වෙඩි තැබීම මැණික්ගම ප්‍රදේශයේ සිදුව ඇති අතර ඉන් 39 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය.
ලෑලිහෙත්තුව යුද පිට්ටනිය ප්‍රදේශයේ සිදුවූ තුන්වන වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මිය ගියේය.
මියගිය පියාගේ වයස අවුරුදු 52 ක් වන අතර පුතුන් දෙදෙනා අවුරුදු 13 සහ 20 යන වයස්වල පසුවේ.
යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
ඒ, සඳහා ටී. 56 ගිනි අවි සහ පිස්තෝල යොදාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.‍
Previous Post Next Post