අර්ජුන් ඇලෝසියස් Missing?


අර්ජුන් ඇලෝසියස් 
Missing?


ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ගැන මේ වනවිට තොරතුරු නැතැයි ජනාධිපති කොමිසම වෙත අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ යසන්ත කෝඳාගොඩ මහතා ඊයේ දැනුම්දී තිබේ. ඇලෝසියස් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බැඳුම්කර කොමිසමේ නිලධාරීන් උත්සාහ කළත්
ඔහු සම්බන්ධ කර ගැනීමට

නොහැකි වූ බව ඔහු දන්වා ඇත.
ඇලෝසියස්ගේ කාර්යාලයට හා නිවසට ගියත් ඔහුව සම්බන්ධ කර ගැනීමට බැරිව ඇත.
ඒ අනුව ඔහුව කොමිසම හමුවට ඉදිරිපත් කරන්නැයි කොමිසම විසින් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතාට පැවැසීය.
අර්ජුන ඇලෝසියස් මහතාට එළැඹෙන සදුදා (11) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.
ඔහු විදේශයකට පළාගියේද යන සැකය මතුව ඇතැයි විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබේ.
Previous Post Next Post