ශ්‍රීලනිපය එජාපය සමඟ සිටිනතාක්‌ පක්‍ෂ සම්මේලනවලට එන්නේ නැහැ - මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්‌ඩු කරනතෙක්‌ පක්‍ෂයේ සම්මේලනයට සහභාගිවීමට හැකියාවක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
පක්‍ෂ

සම්මේලනයට සහභාගි වන ලෙසට එවන ලද ආරාධනා පත්‍රය ඊයේ ලැබුණු නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ තම මන්ත්‍රී කණ්‌ඩායම ඊට සහභාගි නොවීමට තීරණය කර ඇති බැවින් සහභාගි නොවන බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඊයේ (01 දා) පස්‌වරුවේ කොළඹ පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Previous Post Next Post