බත් පැකට් කවරෙට 15 ක් යනව කියා බත් පාර්සලේ රු 10 කින් ඉහළට


අද සිට මයික්‍රෝන 20 ට අඩු පොලිතින් භාවිතය හා විකිණීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය රජය නිකුත්
කර තිබේ.

ඒ අනුව බත් පාර්සල් එතීමට මේ තාක් යොදාගත් පොලිතින් හා රෙජිෆෝම් ආවරණ යොදාගත නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය දන්වා සිටී. තමන්ට මේ දක්වා බත් පාර්සලයක් ආවරණය වෙනුවෙන් වැයවූයේ රුපියල් 5 ක් වුවත් නව අනුමත දිරායන පොලිතින් වර්ගයෙන් ඒවා ආවරණය සඳහා රුපියල් 15 ක් පමණ වැයවන බවත් ඒ නිසා පාඩු නොලබා බත් පාර්සල් ලබාදීමට රුපියල් 10 කින් බත් පාර්සලේ මිල ඉහළ දමන බවත් එම සංගමය දන්වා ඇත.
Previous Post Next Post