දවසට මැගී වේලක් කාලා ආපු නවක තරුව Hardik Pandya ගැන ඉන්දියානු වර්ණනා


පසුගිය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී 6 පහර 3 ක් සමග අර්ධ ශතකයක් රැස්කරමින් ලංකාවේදි පළමු ටෙස්ට් කරගයට එක්වෙමින් දස්කම් පෙන්වූ ඉන්දීය නවක ක්‍රීඩක Hardik Pandya ගැන වර්ණනාත්මක විස්තර මේ
දිනවල ඉන්දීය මාධ්‍ය වල
විශේෂාංග ලිපි ලෙස පළවෙමින් පවතී.
1993 සුරාට් ප්‍රදේශයේ උපන් පාන්ඩ්‍යා අතිශය දිළිඳු පවුලකින් උඩට ආ කෙනෙකු බවත් ඔහුගේ නිවසේ පැවති ආර්ථික දුෂ්කරතා ගැනත් ඒවායේ විස්තර වෙයි. මුලදී ව්‍යාපාරිකයෙනු වූ පාන්ඩ්‍යාගේ පියා හෘද රෝගයකින් පීඩා වින්ද බවත් ඒ නිසා ව්‍යාපාර බංකොලොත්වූ හැටිත් ඔහු විස්තර කර තිබේ. මෙම දුෂ්කරතා මැද කෙසේ හෝ ක්‍රිකට් වලින් උඩට එන්නට තමාව පෙළැඹවූ වව කියන ඔහු තමා අතීතයේ එක් කාලයක දවසේ වේල පිරිමසා ගන්නට ඉන්දීය රුපියල් 5 ක මැගී ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් පමණක් දවසටම කා කුසගින්නේ සිටි බවත් තමාට ලැබුණ පළමු රස්සාවේ වේතනය මාසෙට 400 ක් පමණක් බවත් ආදී විස්තර දන්වා ඇත.




Previous Post Next Post