පවුලක් මරා දමන්න තෙල් කරවලෙක් ගෙට දැමූ සැකකරු අත්අඩංගුවට

කුඹුක්ගැටේ පොලිස්බල ප‍්‍රදේශයේ කිරිබමුණ ගම්මානයේ කඩ කාමරයක් තුළ ජීවත් වූ පවුලක් ඝාතනය කිරීම සඳහා කැලෑවකින් අල්ලා ගෙන ආ විෂඝෝර සර්පයෙකු යොදා ගත් බවට සැකකරන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කුඹුක්ගැටේ පොලීසිය සඳහන් කරයි.

මෙම ගම්මානයේ
පවුලක් ජීවත් වන කඩකාමරයකට පසුගිය (31 දා) තෙල් කරවලයෙකු කෝටුවකින් දැමීමට උත්සාහ කරනවිට ගෙහිමි කාන්තාව එය දැක කෑ ගැසූ පසු එය ඇසී ප්‍රදේශවාසීන් එන විට මෙහු පලා ගොස් ඇති බවත්, ප්‍රදේශවාසීන් ඔහු පසුපස ගොස් සැකකරුව අල්ලා  සර්පයාද සමග පොලීසියට භාරදුන් බවත් පොලීසිය පවසයි.

මෙම සර්පයා පරීක්ෂා කළ වෛද්‍යවරුන් එම සත්වයා විෂඝෝර සත්ත්වයෙකු බවට පවසා තිබේ.

සැකකරු ඊයේ (01දා) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙම ගම්මානයේ මීට පෙරද කුඩා ළමුන් දෙදෙනෙකුට මෙලෙස තෙල් කරවලයෙකු දෂ්ට කිරීමේ සිද්ධියට සැකකරු සම්බන්ධදැයි සොයා බලන බව පොලීසිය පැවසීය

සිද්ධිය සම්බන්ධයෙන් කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ගලේවෙල – මොහොමඩ්
Previous Post Next Post