ශිරන්ති අද යෝෂිත හා රෝහිත හෙට FCID යට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය
අද දින (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත අතර යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ හෙට දින (16දා) එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
සිරිලිය සවිය පදනමට
අයත් ඩිෆෙන්ඩරයක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබා ගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ යෝෂිත රාජපක්ෂ මහතාට මෙම කැඳවීම් සිදු කර ඇත.
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට මෙම ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇති බවටද පරීක්ෂණවලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. රෝහිත රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමේ සිද්ධියකට අදාළව සිදුවන විමර්ශනයකට ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහුට මෙම කැඳවීම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් සිදු කර ඇති බවද වාර්තා වේ.
රෝහිත රාජපක්ෂ කැඳවනු ලබන්නේ සුප්‍රීම් සැට් නමින් චීනය හා ඒකාබද්ධව ශ්‍රිලංකාව යැවුවායයි කියන චන්ද්‍රිකාවට අදාළ රුපියල් මිලියන 320 කට අධික මහජන මුදල් නාස්තිකාර පරිහරණය සම්බන්ධ පරීක්ෂණය සඳහාය.
Previous Post Next Post