සුප්‍රීම් සැට් රොකට් යැවීම ගැන අහන්න රෝහිත රාජපක්ෂ FCID යට


 චීනයේදී කක්ෂගත කළ බව කියන සුප්‍රීම් සැට් - 1 (SupremeSAT-I) චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ (චිචී)
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන
කොට්ඨාසයට කැඳවීමට නියමිත බව වාර්තා
රෝහිත සුප්‍රීම් සමාගමේ තාක්ෂණික කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස කටයුතු කර ඇති බව එකල මාධ්‍ය වාර්තා වල දැක්වුනි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ඩොලර් මිලියන 320 ක් වියදම් කර ඇති බවද මාධ්‍ය වාර්තා
කර තිබිණි.
මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොලැබුණ බවත්, රජයේ මුදල් රුපියල් මිලියන 500ක් ඒ වෙනුවෙන් වියදම් කර ඇති බවත් වරක් එජාප හිටපු මහලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.


Previous Post Next Post