සයිටම් වහන්නැයි දුම්රිය සේවකයින් හෙට උද්ඝෝෂණයක


2017 අගෝස්තු  02  දහවල් 12.00 ට
දුම්රිය මූලස්ථානය ඉදිරිපිට
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් පවත්වන බව සමස්ත තංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය දන්වා සිටී.
”සයිටම් විරෝධි ජන පවුර”  ජාතික මහා සමුළුවේ දි ප‍්‍රකාශයට පත්කළ විරෝධතා දිනය  වෙනුවෙන්  මෙම උද්ඝෝෂණය පවත්වන බව දන්වන ඔවුන් මෙහිදී
සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමත්, ජාතික සම්පත් විකිණීමට හා බිලිදීමට  එරෙහිවත්, එට්කා ගිවිසුම අත්සන් කිරීමට එරෙහිවත්,  රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිවත්, විවිධ ජාවාරම් ඔස්සේ  දුම්රිය විනාශ කිරීමට එරෙහිවත් උද්ඝෝෂණය පැවැත්වෙන බව දන්වා ඇත.
Previous Post Next Post