ලිපිය ලැබුණා - වාහන භාර දෙනවා - විජයදාසගේ කාර්යාලය දන්වයි


එක්සත් ජාතික පක්ෂය විසින් විජයදාස රාජපක්ෂ මහතාව, සියළු අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙස
ඉල්ලමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යොමුකළ ලිපියට ජනාධිපතිවරයා විසින් සිය අනුමැතිය ලබාදීමෙන් පසුව එයට අදාළ ලිපිය විජයදාස රාජපක්ෂ මහතාට අදාළ ලිපිය ලැබුනු බව රාජපක්ෂ මහතාගේ නිලධාරියෙකු තහවුරු කර තිබේ.
අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශ දෙකෙන් ඉවත් කර ඇති බව අදාළ ලිපියේ සඳහන් වන බවත් තමන් මෙතෙක් භාවිත කළ සියළුම නිල රථ භාරදීමට ද ඇමතිවරයා පියවර ගත් බවත් එම නිලධාරියා සඳහන් කර ඇත.


Previous Post Next Post