රාජිතට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාසභංගයක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද (24) හෝ හෙට (25) කතානායක කරු ජයසූරිය වෙත භාර දෙන බව ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රි රංජිත් සොයිසා පවසයි.
විශ්වාසභංගය

සඳහා මන්ත්‍රිවරුන්ගේ අස්සන් පාර්ලිමේන්තුවේදී අද දවසේ ලබා ගන්නා බවද හෙතෙම පැවැසීය.

රජයේ තක්සේරුවට වඩා අඩු මුදලකට මෝදර ධීවර වරාය බදුදීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පවතින පරීක්‍ෂණ සඳහා පෙනී නොසිට මඟහැරීම ඇතුළු චෝදනා හතක් මේ සඳහා විශ්වාසභංග යෝජනාවට ඇතුළත් වන බවද මන්ත්‍රිවරයා කීවේය

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා
Previous Post Next Post