කැච් අතහරින්නේ ෆිට්නස් නිසා නෙමෙයි – මහේලගෙන් පැහැදිලි කිරීමක්


යම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ක්‍රිකට් පිටියේදී
ලබාදෙන උඩපන්දු අත්හරිනවානම් එය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. එසේම එහිදී පවතින්නේ එම ක්‍රිකට් ක්‍රීඩකයාගේ තාක්ෂණය පිළිබඳ ගැටලුවක් බවත් ඔහු පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා මහේල මේ බව සඳහන් කරයි. එසේම අද සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලක්ෂාන් සඳකැන් හා වනිඳු හසරංග යොදවා ගැනීම පිළිබඳව ක්‍රිකට් තේරීම් කමිටුවට සිය ස්තූතියද ප්‍රකාශ කර තිබේ.

Previous Post Next Post