සිම්බාබ්වේ තරග සඳහා කපුගෙදර සමග සුරංග කැඳවලා

සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරග තුන සඳහා චාමර කපුගෙදර හා සුරංග ලක්මාල් කැඳවා ඇති බව ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසනවා.

පළමු තරග දෙක සඳහා සංචිතයට කැඳවා තිබූ අමිල අපෝන්සු හා ලහිරු මදුසංක සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට ඔවුන්ව සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඇන්ජලෝ මැතිව්ස්,උපුල් තරංග,නිරෝෂන් දික්වැල්ල,ධනුෂ්ක ගුණතිලක,කුසල් මෙන්ඩිස්,අසේල ගුණරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,ලක්ෂාන් සඳකැන්,ලසිත් මාලිංග,නුවන් ප්‍රදීප්,සුරංග ලක්මාල්,අකිල ධනංජය සහ චාමර කපුගෙදර සංචිතයට ඇතුළත් බව පැවසෙනවා.
Previous Post Next Post