හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට බදුදීමේ ගිවිසුමට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව අමාත්‍ය මහින්ද සමරසිංහ දන්වා තිබේ.
හම්බන්තොට වරාය
වරාය පනතට අනුව ශ්‍රී ලංකාවේ වරායක් ඍජුව පිටරට සමාගමකට පැවරිය නොහැකි බැවින් චයිනා මර්චන්ට් සමාගම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අනුබද්ධ සමාගමක් ලෙස පිහිටුවා එම සමාගමට හම්බන්තොට වරායෙ කොටස්වලින් සියයට 80ක් පැවැරීමට ගිවිසුමෙන් යෝජනා කර ඇතැයි දැන ගන්නට තිබේ.
වරායට යොදවන ආරක්ෂකයින් ශ්‍රී ලාංකිකයින් විය යුතු බවට හා වරාය සමග පැවරෙන හෙක්ටයාර් 500ක ඉඩම් සඳහා රුපියල් මිලියන 12,000ක මිලක් නියම කළ යුතු බවට ද ගිවිසුමෙන් යෝජනා කර ඇතැයි වාර්තා වේ.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,400ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
වරායේ කොටස්වලින් සියයට 80ක් චයිනා මර්චන්ට් සමාගමට පැවරෙන අතර ඉතිරි සියයට 20 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගැනේ.
Tags:
Trending