වීදි සුනඛයින් ඇති දැඩි කරන්නැයි සනී ලියොන් ඉල්ලයි


ඉන්දියාවේ ක්‍රියාත්මක සත්ව අවිහිංසාවාදී PETA නමැති රාජ්‍ය නොවන සංවිධානයේ වීදි සුනඛයින්
රැකගැනීමේ වැඩසටහනට
දායකවූ සරාගී බොලිවුඩ් නිළි සනී ලියොන් මේ දිනවල ඉන්දියාවේ සඟරා පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් වලට පෙනී සිටිමින් වීදි සුනඛයින් හා වීදි බළලුන් ඇති දැඩි කිරීමේ වැදගත්කම පැහැදිලි කරමින් සිටී.
ඇයද වීදි සුනඛයෙකු හදාගන්නට පටන්ගත් බව ඇය එහිදී කියා තිබේ. ඉන්දියාවේ මිලියන 25 ක් වීදි සුනඛයින් සිටින බවත් උන්ගේ ජීවිත වෙනුවෙන් පිහිටක්වීමට මනුස්සකම පෙන්වන ලෙසත් ඇය ඉල්ලා සිටී.


Previous Post Next Post