සාරංග උමාලි ප්‍රශ්නෙට මාව ගැවිලා - මං දන්නෙත් නෑ - දනුක

සාරංග උමාලි පෙම් පළහිලව්වට මැදිවුණ ටෙලි නළු දනුක දිල්ෂාන් ගුවන් විදුලි නාලිකාවක් සිදු කළ විමසීමකදී මෙසේ කියා තිබේ.
‘පසුගිය දවස්වල උමාලිගෙත් සාරංගගේත් ජීවිත අතරට තුන්වැන්නෙක් වුණා කියලා මිනිස්සුම ඒ ගැන කතා කළා. මිනිස්සුම මට ඇඟිල්ල දික් කළා. මම දන්නේ නෑ ඇයි එහෙම කළේ කියලා.

මිනිස්සුම දැන් ඒ ගැන කතා කරන්නෙත් නෑ.

මට තේරෙන්නේ නෑ මොකද්ද ඒ වුණේ කියලා. ඒ දෙන්නගේ ප්‍රශ්නයකට මාත් ගාවලා තිබුණා. ඒගොල්ලොම දැන් මාව අයින් කරලා. කටිටියක් එකතුවෙලා කතා
හැදුවා. ඒ කට්ටියම ඒ කතාව අවසන් කළා. එච්චරයි.
 උමාලි ලංකාවට ආව වෙලාවේ උමාලිව මුණගැසුනතේ නෑ... මම එහෙම මුණගැහුණේ නෑ. ඇයි එහෙම මම මුණගැහෙන්නේ. ඒ සම්මාන උළෙලකටවත් මම ගියේ නෑ.
සාරංග එක්ක මට එහෙම තරහ වෙන්න අපි අතරේ මුකුත් වුණේ නැහැනේ. කට්ටිය ඔක්කොම හිතින් හදාගෙන එහෙම කතා හැදුවට මට කරන්න දෙයක් නෑ. මාවත් එතනට අදාළ කරගෙන ඒ දෙන්නත් එක්කම මගේ කිසිම තරහක් නෑ. ඇයි අපි එහෙම තරහ වෙන්නේ නේද?‘

Previous Post Next Post