බිල ගෙව්වෙ නැතැයි ලයිට් කපන්න ආ විදුලි සේවකයාට නිවැසියන් පහරදී රෝහලේ


අඹතලේ ප්‍රදේශයේ නිවසක මාස ගණනාවකින් විදුලි බිල නොගෙවීමේ හේතු මත රතු බිලට අදාළ නීතිමය නිවේදනය පරිදි විදුලි බල මණ්ඩලයේ විසන්ධි අංශයේ නිලධාරීන් එම නිවසට පැමිණ විදුලි බලය කපා දැමීමට සූදානම්වී තිබේ.
එම අවස්ථාවේ එම ක්‍රියාවට එරෙහිව දැඩි ලෙස විරෝධය පළ කර ඇති
නිවැසියන් ඊට ඉඩ දෙන්නට බැරි බව පවසා ඇත. නිලධාරියා දන්වා ඇත්තේ තමා සිදු කරන්නේ රාජකාරිය බවයි. නමුත් විදුලිය විසන්ධි කළොත් ගුටිකන්නට සිදුවන බව පවසමින්  නිවෙස් හිමියා රණ්ඩුවට පැමිණ ඇත.
නිවෙස් හිමියා නොතකා තම රාජකාරිය ඉටු කරන්නට එම නිලධාරියා කටයුතු කර තිබෙන අතර එම අවස්ථාවේ නිවසේ තිබුණ ආයුධ හා පොලු  රැගෙන ඇවිත් එම නිලධාරියාට පහර පිට පහර එල්ල කරන්නට නිවෙස් හිමියා කටයුතු කර ඇත,
මෙම සිදුවීම නිසා බරපතල තුවාල ලද නිලධාරියා රෝහල් ගත කරන්නට ඔහු සමග පැමිණි අනෙක් නිලධාරීන් කටයුතුකර ඇත.
මේ වනවිට මුල්ලේරියාව රෝහලේ ඔහු ප්‍රතිකාර ලබයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන්නට අනෙක් නිලධාරීන් කටයුතු කළ පසුව සැකකරු පළාගොස් ඇති බව ආරංචි විය. පසුව කළ සොදිසියකදී නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ව්‍යාපාරික ස්ථානයක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත් විය.
මෙම සිදුවීම මත විදුලි බල ඉංජිනේරුවන් සේවා වර්ජනයකද නිරතවී විරෝධය පළ කර තිබුනි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.


Previous Post Next Post