හම්බන්තොට හෝටලේ ආහාර විසවීමකින් සිම්බාබ්වේ ක්‍රීඩකයෙක් රෝහලේ


සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ
තෙවැනි

එක්දින තරඟයට සහභාගිවීමට සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා හදිසියේ රෝහල් ගතකර ඇත.
ඊයේ (05) රාත්‍රීයේ නවාතැන්ගෙන සිටි හෝටලයේදී ගන්නා ලද ආහාරයක් විසවීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඔහුව ඇතුළත් කර තිබේ.
කෙසේ නමුත් ඔහුගේ රෝගී තත්ත්වය බරපතල නොවන බව හම්බන්තොට රෝහලේ අධ්‍යක්‍ෂ සුමිත් මනතුංග මහතා පැවසීය.
ඔහුට අද රෝහලෙන් පිටව යාමට හැකියාව පවතින බවද අධ්‍යක්‍ෂවරයා සදහන් කළේය.
Previous Post Next Post