පොළොන්නරුව ග්‍රාමනිලධාරීන්ට මෛත්‍රිගෙන් ටැබ්


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් වෙත ටැබ් පරිගණක
යන්ත්‍ර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙවරුවේ පොළොන්නරුවේදී පැවැත්විණි.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් ''ස්මාර්ට් සමාජ කව'' වැඩසටහන යටතේ මෙම ටැබ් පරිගණක යන්ත්‍ර පිරිනැමීම සිදුවන අතර, එය සංකේතවක් කරමින් තමන්කඩුව, දිඹුලාගල හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරන ග්‍රාම නිලධාරීන් හා ග්‍රාමීය නියෝජිතයින් කිහිපදෙනෙකු වෙත ජනාධිපතිතුමා අතින් ටැබ් පරිගණක යන්ත්‍ර පිරිනැමීම සිදුවිය.
( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )
Previous Post Next Post