පළාත් සභා රැස්වීමේ ගාලගොට්ටියෙන් පසු මන්ත්‍රි සේමසිංහ රෝහල්ගත කරයි


උතුරු මැද පළාත් සභා රැස්වීමේදී පෙරේදා (18දා) ඇතිවූ ගාලගෝට්ටියට මැදිවී එක්සත් ජාතික පක්ෂ
මන්ත්‍රිවරුන්ගේ
ප්‍රහාරයට ලක්වූ එම පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි එච්. බී. සේමසිංහ මහතා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

පෙරේදා රාත්‍රි 10.00ට පමණ හුස්ම ගැනීමට අපහසුවී ඔහුගේ ගෙල ප්‍රදේශයේ ඇතිවූ දැඩි වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.
මන්ත්‍රිවරයාගේ රෝගී තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (19දා) ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව තිබිණි.

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය,මහේෂ් විජේසූරිය
Previous Post Next Post