වේයන්ගොඩ පුද්ගලික ඉඩමක නාඳුනන කාන්තා මළ සිරුරක්

ගම්පහ වේයන්ගොඩ පුද්ගලික ඉඩමක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවී ඇත. සිරුර අසළ හිස්
වැසුමක් හා
පාවහන් යුවළක් තිබී ඇති අතර සිරුර හමුවන විට නරක්වී තිබුණි. සොයාගත් මෙම මළ සිරුර දින හතරක් පමණ නරක්වී ඇති බව පරීක්ෂාවේදී අනාවරණය වී ඇත. කිසියම් තැනක ඇයව ඝාතනය කර මෙතැනට ගෙනවිත් දමා ඇතැයි සැක මතුව තිබේ.
 හීන්දෙණිය, පට්ටිගොඩ ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පාළුවට ගිය කොටසක මෙම සිරුර හමුවිය.
 මියගිය කාන්තාව කවුදැයි හඳුනාගෙන නැති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Previous Post Next Post