ආණ්ඩුවේ 18ක් ඒකාබද්ධයට එනවා දින තීන්දුයි - සනත් නිශාන්ත



ඒ අනුව මේ වන විටත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරු ඒකාබද්ධ
විපක්ෂය හා එක්වීමට සිය කැමැත්ත පළ කර ඇති බව ද මන්ත්‍රීවරයා ඊයේ (06) නෙළුම් මාවතේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට
එක් වෙමින් කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් පියල් නිශාන්ත මහතා සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පමණක් නොව අද වෙන විට එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ තරුණ මන්ත්‍රීවරු දැවැන්ත කලකිරීමකින් සිටින බවත් ඉතාම කෙටි කාලයක් තුළ ඒ පිළිබඳ ඔවුන් ද තීරණයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත්ය.
සැප්තැම්බර් මාසයේ මැද වන විට ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් 18 ක් ඒකාබද්ධය හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසයි.
Previous Post Next Post