
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද නම් කළේය.
ඊට නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් නම් නොකිරීම විශේෂත්වයක් වේ.
ඒ අනුව උපුල් තරංග, මෙම තරගාවලියේදී ද නායකත්වයට නම් කර ඇති අතර, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියට සහභාගී නොවූ කුසල් ජනිත් හා තිසර පෙරේරාට ද ස්ථාන හිමිව තිබේ.
අාබාදයක් හේතුවෙන්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමිවූ ධනුශ්ක ගුණතිලකට ද කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.
නායක ඇන්ජලෝ මැතිවස්, ආබාදයකට ලක්වීම හේතුවෙන්, ටෙස්ට් තරගාවලියට නම් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්ත ද, එහිදී ප්‍රකාශ වූයේ එක්දින ක්‍රිකට් තරගාවලියට ඇන්ජලෝ සහභාගීවන බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් කළ විමසීමකදී, ප්‍රකාශ කළේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ශරීර යෝග්‍යතාවය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්ථාව පරීක්ෂා කළ යුතුව ඇති බවය.
කෙසේ වෙතත් ඇන්ජලෝ පන්දුවාර 20/20 තරගාවලියට සහභාගී කරවීමේ අවස්ථාව ඇති බවද ඒ මහතා විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම
නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, දිනේශ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනුශ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, විකුම් සංජය, තිසර පෙරේරා, සචිත් පතිරණ, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්.
Tags:
News