මුතු තරංගාගේ පූර්ව විවාහය



ටෙලි නාට්‍ය නිළි මුතු තරංගා පසුගිය සතියේ අන්තර්ජාලයට එක්කළ ඡායාරූප කිහිපයකින් පැවසුණේ ඇය චාරිත්‍රානුකූලව විවාහවී ඇති ආකාරයයි. දිගු කලක් තිස්සේ ඇය ඇසුරු කරන තවමත් විවාහ නොවුන මෙම පෙම්වතා සමග ඇය
විවාහ ඡායාරූප වලට පෙනී සිට තිබුණි.
ඒ ගැන සතිඅන්ත පුවත්පතක් මෙසේ අසා ඇත.

මුතූ කාටත් හොරෙන් හදිස්සියේම විවාහ වුණාද?

විවාහ වුණේ නැහැ තාම. අපි කරපු ෆොටෝ ෂූට් එකක් දැකලා ගොඩක් අය හිතලා තිබ්බේ අපි විවාහ වෙලා කියලා.

විවාහයක් නොගෙන ෆොටෝ ෂූට් එකක් කරන්න හිතුවේ ඇයි?

අපේ ඩ්‍රෙස් කරන මිනෝෂාන් මල්ලි එයා මගෙන් ඇහුවා අයියත් එක්ක ෂූට් එකක් කරමුද කියලා. පස්සේ නිශාන්තයි මමයි ඒකට කැමැති වුණා. ඒ ෆොටෝ ෂූට් එක කරලා මම මගේ ෆේස් බුක් ගිණුමේ දැම්මා එක හින්දා තමයි අපි වෙඩින් එකක් ගත්තා කියලා ගොඩක් අය හිතලා තිබුණේ.





Previous Post Next Post