Pinkvilla වෙබ් අඩවිය අනාවරණය කරන ආකාරයට, අමෙරිකානු ඩොලර් මිලියන 18 ඉක්මවන වටිනාකමකින් යුත් මෙම දැවැන්ත ගනුදෙනුව සිදු කර ඇත්තේ ජාත්‍යන්තර චිත්‍රපට බෙදාහැරීමේ සමාගමක් වන Phars Films විසිනි. මීට පෙර ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ ‘Pathaan’ සහ ‘Jawan’ වැනි චිත්‍රපටවල විදෙස් බෙදාහැරීමේ කටයුතු Yash Raj Films සමාගම මගින් සිදු කළ නමුත්, ‘King’ චිත්‍රපටයේ විදෙස් ප්‍රදර්ශන අයිතිය Phars Films සමාගම සතු කරගෙන තිබේ. ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 175ක අවම සහතික මුදලක් ගෙවා ඇති බව සඳහන් වේ.
මෙම ගනුදෙනුවේ තවත් සුවිශේෂී කරුණක් වන්නේ, මීට පෙර කිසිදු ඉන්දීය චිත්‍රපටයක විදෙස් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව හෝ ඉක්මවා ගිය ගනුදෙනුවක් වාර්තා වී නොතිබීමයි. ඒ අනුව ‘King’ චිත්‍රපටය විදෙස් වෙළෙඳපොළ තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.
කෙසේ වෙතත්, මෙතරම් ඉහළ මිලකට විදෙස් ප්‍රදර්ශන අයිතිය අලෙවි වීමත් සමඟ චිත්‍රපටයට දැවැන්ත ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමේ අභියෝගයක්ද එල්ල වී ඇත. එම ගනුදෙනුවේ පිරිවැය පමණක් පියවා ගැනීම සඳහා ‘King’ චිත්‍රපටයට විදෙස් වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 37ත් 40ත් අතර ආදායමක් උපයා ගැනීමට සිදුවන බව වාර්තා වේ. එය ඉන්දීය රුපියල් කෝටි 350ත් 375ත් අතර දළ ආදායමකට සමාන වේ.
ෂාරුක් ඛාන්ගේ මෙතෙක් වැඩිම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අතරට එක්වන ‘Pathaan’ සහ ‘Jawan’ යන නිර්මාණ දෙකම විදෙස් ප්‍රදර්ශනවලින් ඉන්දීය රුපියල් කෝටි 400කට ආසන්න ආදායමක් ලබා තිබුණි. එබැවින් ‘King’ චිත්‍රපටයට විදෙස් වෙළෙඳපොළෙන් සැලකිය යුතු ලාභයක් අත්කර ගැනීමට නම් එම ආදායම් මට්ටමට ළඟා වීමට හෝ එය ඉක්මවා යාමට සිදුවනු ඇති බව සිනමා විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ප්‍රකට බොලිවුඩ් අධ්යක්ෂ සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂණය කරන ‘King’ චිත්‍රපටය, 2023 වසරේ තිරගත වූ ‘Pathaan’ චිත්‍රපටයෙන් අනතුරුව ෂාරුක් ඛාන් සහ සිද්ධාර්ත් ආනන්ද් එක්වන දෙවැනි සිනමා නිර්මාණයයි. මෙම චිත්‍රපටය එළඹෙන දෙසැම්බර් 24 වැනිදා සිට ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත.
ENGLISH SUMMARY: Bollywood superstar Shah Rukh Khan’s upcoming film King has set a new Indian cinema record by selling its overseas theatrical distribution rights for 175 crore Indian Rupees. According to Pinkvilla, international distributor Phars Films secured the deal for a minimum guarantee exceeding 18 million US dollars, marking the first time an Indian movie has crossed the 100 crore mark for overseas rights. Previously, Yash Raj Films handled international distribution for Shah Rukh Khan’s blockbusters Pathaan and Jawan. To break even on this massive investment, King must gross between 37 million and 40 million US dollars—roughly 350 to 375 crore INR—internationally. Film analysts note that matching or surpassing the nearly 400 crore INR overseas collections of Pathaan and Jawan will be essential for significant profits. Directed by Siddharth Anand, King marks his second collaboration with Shah Rukh Khan after 2023’s Pathaan and releases worldwide on December 24.