ජනප්‍රිය නිළි තරින්දිගේ, ආදරණීයම උපන්දින සැමරුම

gossiplanka image 1
 


'අද මගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් සුබ පැතුම් එවූ මගේ ආදරණීය මිතුරන්ටත්, රසික රසිකාවියන්ටත් හදවතින්ම ස්තූතියි. අද දවස පුරා රූගත කිරීම් අතර බිසි වුණත්, ඔයාලාගෙන් ලැබුණු ආදරය, සුබ පැතුම්, ආශිර්වාද මගේ හදවතට ගොඩක් වටිනවා. හැකි හැම වෙලාවකම ඔයාලාට පිළිතුරු දෙන්න මම උත්සාහ කරනවා.

ඔක්තෝබර් 28 කියන්නේ මගේ උපන්දිනය නිසාම විශේෂ දවසක්. 

ඒ වගේම සිංහල සිනමාවේ ආරම්භක යුගයේ අමරණීය තාරකාවක් වූ රුක්මණී දේවිය මෙලොවින් සමුගෙන අදට වසර 48ක් (1978.10.28) සම්පූර්ණ වේ..ඉතින් ඇගේ ජීවිතය හා බැඳුණු චරිතය නිරූපණය කිරීමට ලැබීම මගේ ජීවිතයේ අමතක නොවන වරප්‍රසාදයක්. 

මගේ උපන්දිනයට ලැබුණු මේ සිනමා නිර්මාණය මම දකින්නේ මගේ ආදරණීය අම්මාගෙන් ලැබුණු වටිනාම තෑග්ගක් විදිහටයි. අම්මා අද මගේ ළඟින් නොසිටියත්, ඇගේ ආදරය සහ ආශිර්වාද හැමදාමත් මා සමඟ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. 

ඒ වගේම හැම අවුරුද්දකම මගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් රසවත් කේක් එකක් එවමින් මගේ සතුටට එකතු වන @A taste of heaven හි විජිත කුමාරටත් හදවතින්ම ස්තූති. ඔයාගේ මේ ආදරණීය පුරුද්ද මගේ උපන්දිනය තවත් විශේෂ කරනවා. මේ හැම ආදරයක්ම, මේ ලැබීම් හැම එකක්ම මම හදවතින්ම අගය කරනවා. මගේ ජීවිතයට ලැබෙන හැම ආශිර්වාදයකටමත්, මාව ආදරයෙන් වටකරගෙන ඉන්න හැමෝටමත්, මගේ ආදරණීය අම්මාටත්,අක්කාටත් ,තාත්තාටත් ,චතුරටත් ,සඳ ඇතුළු පවුලේ සියලුම දෙනාටත් ගොඩක් ස්තූතියි. ආදරෙයි''

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7
Previous Post Next Post