ඩිස්නි රාජපක්ෂ කියන්නේ කවුද?ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ Sensitive වගේම Straight Forward කෙනෙක්. ලබා දෙන වැඩේ උපරිමයෙන්ම කරන කෙනෙක් විදිහටයි මම මාව හඳුනාගෙන තියෙන්නේ.ඩිස්නී කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද ?මම චන්න සර්ගේ ආයතනයට සම්බන්ධ වෙලා නර්තනය පිළිබඳව හදාරමින් ඉන්න කාලයේදී සරත් ධර්මසිරි මහතා නාට්‍යයකට චරිතවලට ශිල්පීන් තෝරා ගන්න Interview එකක් තිබ්බා. මේ අතරතුර සර් මාව දැකලා ඔහු අධ්‍යක්ෂණය කරන ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්න මට අවස්ථාවක් ලබාදුන්නා.ආන්දෝලනාත්මක විලාසිතා කරන්න ඔබ කැමති කෙනෙක්ද? පහුගිය දවස්වල සමාජ මාධ්‍යය තුළ ඔබේ පින්තූර වයිරල් වුණා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?ආන්දෝලනාත්මක විලාසිතා කරන්න නෙමෙයි මම කැමති නිර්මාණාත්මක විලාසිතාවන් කරන්න. ඇතැම් විලාසිතාවන් ලංකාවට නොගැළපෙන විට එම විලාසිතාවන් ආන්දෝලනාත්මක පුවතක් බවට පත් වෙනවා. මම විවිධ විලාසිතාවන්වලට කැමති කෙනෙක්. ඉතින් මම ආසයි විවිධ විලාසිතාවන් අනුගමනය කරන්න. අපි විවිධ විලාසිතාවන් අනුගමනය කරන විටදී ධනාත්මක ප්‍රතිචාරයන් වගේම සෘණාත්මක ප්‍රතිචාරයන්ද ඉවසිලිමත්ව දරාගන්න පුරුදු වෙන්න ඕන. ඇත්තටම වයිරල් වුණ මගේ විලාසිතාව පිළිබඳව හොඳ ප්‍රතිචාරත් ලැබුණා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.
ඔබ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කෙනෙක් නිසා චිත්‍රපටිවල රූගත කිරීම්වලට පමණක්ද ලංකාවට එන්නේ?මම කොහොමටත් මගේ අධ්‍යාපනික කටයුතු වගේම මගේ පෞද්ගලික වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු ලංකාවට පැමිණෙන්න හිතාගෙන හිටියේ. මම කාලෙකින් ටෙලි නාට්‍යයක රංගනයෙන් දායක වුණේ නැහැ. හොඳ ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඒ සඳහාත් රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.Room Number 106 චිත්‍රපටියේ ඔබ රංගනයෙ යෙදෙන චරිතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද ?Room Number 106 චිත්‍රපටයේ මා විසින් නිරූපණය කරන චරිතයට මට ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම තමයි මගේ හිත මිතුරනගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එයාලා මට කියන්නේ චිත්‍රපටයේ මම කරන චරිතය තාත්විකව කරනවා කියලා.
ඔබේ සැබෑ පෞරුෂයට වඩා ඔබට නිරූපණය කිරීමට ලැබුණු චරිතය කෙතරම් වෙනස්ද?
මම Room Number 106 චිත්‍රපටයෙහි නිරූපණය කරන චරිතය සත්‍ය චරිතයක්. කුඩා කාලයේදී අම්මාගේ තාත්තාගෙන් නොලැබුණු ආදරය හොයන අහිංසක වගේම කටකාර තරුණියකගේ චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. ඩිෂ්නි රාජපක්ෂට වඩා මම නිරූපණය කරන චරිතය ගොඩක් වෙනස්. චරිතය මෙන් එතරම් කටකාර, ආදරයේදී කරදරයක් වෙන චරිතයක් නෙමෙයි මම සැබෑ ජීවිතයේදී.ඩිෂ්නි රාජපක්ෂව හඳුනා ගන්න පුළුවන් රංගන ශිල්පිනියක් ලෙස පමණමද?මම රංගන ශිල්පිනියක් පමණක් නෙවෙයි. ව්‍යාපාරික කාන්තාවක් ලෙසත්, ජාත්‍යයන්තර පාසලක් පවත්වාගෙන යනවා. ඊට අමතරව නර්තන ශිල්පිනියක් ලෙසත් හඳුනාගන්න පුළුවන්.
ඔබට කලා දිවියෙහි මේ තරම් දුර ගමනක් එන්න පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?මගේ පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැහැ. මගේ ක්‍්රුැර එකට පවුලේ අය කලින් අකමැති වුණා. හැබැයි දැන් ඒ තරම් ලොකු අකමැත්තකුත් නැහැ. මගේ පෙම්වතා මම ක්ෂේත්‍රයට පැමිණි දවසේ සිට අද දක්වා මගේ ක්‍්රුැර එකේ මේ වෙනකන් පැමිණි ගමනට මට ලොකු සයෝගයක් ලබාදුන්නා.ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔබව ඉදිරියේදී දැකගන්න පුළුවන් නිර්මාණ මොනවද ?මම ඕස්ටේ්‍රලියාවේදී ටෙලි නිර්මාණයන් ද්විත්වයකටම රංගනයෙන් සම්බන්ධ වුණා. ඒ වගේම තමයි මම රංගනයෙන් දායක වුණ සිනමා නිර්මාණ දෙකක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.නැවත ඔබ ලංකාවට පැමිණෙන්නේ කවදාද?ලංකාවට පැමිණියාට පසු නැවත ලංකාවෙන් යන දවස ගැන තාම මට නිශ්චිතවම තීරණය කර ගන්න අමාරුයි.ඩිෂ්නිගේ අනාගත බලාපොරොත්තු මොනවාද?මට ලොකු බලාපොරොත්තු ඇත්තටම නැහැ. හැමදාම මම සතුටින් ජීවත් වෙලා ඉන්න තමයි කැමැතියි.නෙත්මි සදුනිකා ✍️