ඉනේ සිදුවූ ආබාධයක් හේතුවෙන් රූගත කිරීම්වලින් ඉවත්ව නිවසේ රැඳී සිටින ජනප්‍රිය සිනමා නිළි රෂ්මිකා මන්දනා, සිය දෛනික ජීවිතයේ අලුත්ම තොරතුරු සහ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
දිගු කලකට පසු ලැබුණු මෙම අනපේක්ෂිත විවේකයත් සමඟ තමාගේ දින චර්යාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව ඇය පවසා ඇත.
පවුලේ සාමාජිකයන්, සුරතල් බලු පැටවා වන ඕරා මෙන්ම සැමියා වන විජේ දේවකොණ්ඩ සමඟ ගත කරන කාලය එම ඡායාරූප ඔස්සේ ඇය රසිකයන්ට අනාවරණය කර ඇත.
නිතර කාර්යබහුලව කාලය ගත කරන විට ජීවිතය මන්දගාමී වීම භයානක ලෙස පෙනުනද, වර්තමානයේ විවේකයකට යොමුවීමෙන් පසු එදා මෙන් උමතු ලෙස වැඩ කිරීම දැන් බියජනක ලෙස පෙනෙන බව ඇය සඳහන් කර තිබේ.
ආදරයෙන් හා ධනාත්මක චින්තනයෙන් පිරිවරමින් මෙම කාලය ගෙවන ඇයට, රසිකයන්ගෙන් විශාල වශයෙන් ඉක්මන් සුව ප්‍රාර්ථනා ලැබී ඇති අතර, ඇය පැළඳ සිටි මල් හැඩැති මංගල සූත්‍රයද බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත.
'මයිසා' නම් ඉදිරි චිත්‍රපටයේ නටුම් දර්ශනයක් රූගත කිරීම අතරතුරදී ඇයගේ ඉණේ සිට පාදය දක්වා සම්බන්ධ වන පේශි පටකයක් ගැලවී යාමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
ශරීරය යන්ත්‍රයක් ලෙස නොසලකා මිනිස් සිරුරක් ලෙස සැලකිය යුතු බව මෙම සිදුවීමෙන් තමාට වැටහුණු බව ඇය ප්‍රකාශ කර ඇත.
පසුගිය කාලය තුළ ඇය පිට පිට මෙලෙස ආබාධ තුනකට මුහුණ දී ඇති අතර, ඉණේ දෙපැත්තේ ඇති පටකවලින් එකක් ගැලවී යාම නිසා පාදය එසවීමට පවා යම් අපහසුතාවක් මතුව තිබේ.
වර්තමානයේ ලැබී ඇති මෙම විවේකය තුවාලය සුව කර ගැනීමටත්, ආදරණීයයන් සමඟ කාලය ගත කිරීමටත් ඇය උපයෝගී කර ගනිමින් සිටියි.