අගෝස්තු 13 කල්පනා එනවා

gossiplanka image 1
 

පිබිදී වදදෙන සොඳුරු හැඟුම් සඟවාලිය නොහැකි සුචිත්‍ර යෞවනයේ සරණා පියවි සහ කල්පනාගේ   සුපෙම්වත්  සංවේදී ආදර කතාව රැගෙන "කල්පනා" සලරුව අගෝස්තු 13 වනදා සිට යෞවනත්වයේ ආදරණීය හදවත් ස්පර්ශ කරන්නට සූදානමින් සිටී.  යෞවන හදවත් ආදරයෙන් වැළඳගත්"දෙවෙනි ඉනිම" සහ  "සංගීතේ " වැනි රසාලිප්ත ආදරකතා ප්‍රේක්ෂක පවස නිවාලන්නට ආලින්දයේ සිනමාව තුලින් රැගෙන ආ ආදරණීය නිර්මාණකරු සාරංග මෙන්ඩිස්ගේ කුළුඳුල් සිනමා වියමනයි, "කල්පනා".


යොවුන් හදවත් ආදර හැඟුමින් විකසිත කල රවීන් කනිෂ්ක, නෙත්මි රොෂෙල් රොජර්ස් ,දෙනුවන් සේනාධි, ඔෂාන් සොයිසා, ප්‍රමෝත් ගනේආරච්චි,  ගීත්මා බණ්ඩාර, සංගීතා බස්නායක සමගින් ජෙනට් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සනත් ගුණතිලක, රමණි සිරිවර්ධන, මොරින් චාරුණි, සුදත් ඇන්තනි,  නෙතලි නානායක්කාර, රවින්ද්‍ර යසස්, සමන්ති ලැනරෝල් ඇතුළු ජන හද දිනූ රංගන ශිල්පීන් විශාල පිරිසකගේ දායකවත්වයෙන් ඔප නැංවුන "කල්පනා"  චාමිකා මෙන්ඩිස්ගේ කතා සංකල්පයකට අනුව , සාරංග මෙන්ඩිස් විසින්ම  තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කර ඇත.


අසිත රෝහණ සහ ප්‍රදීප් ජයවීරගේ මූල්‍ය දායකවත්වයෙන්  නිමැවුන කල්පනා, රේඛීය නිෂ්පාදනයෙන් දෙනුවන් සේනාධි , කැමරා අධ්‍යක්‍ෂණයෙන් සුමිත් කුමාරගේ, සංස්කරණයෙන් පසන් චන්ද්‍රසේකර,  නිෂ්පාදන කළමනාකරණයෙන් සහන් වර්ණකුලසූරිය, සංගීත අධ්‍යක්‍ෂණයෙන් නවීන් දිල්ෂාන්, ශබ්ද නිර්මාණයෙන් සහ ශබ්ද සංකලනයෙන් තනුෂ්ක කහඳවල , අංග රචනයෙන් රසික සම්පත් ,ගී පද රචනයෙන් ෂෙහාන් ගලහිටියාව, නුවන් ජූඩ් ලියනගේ, ලක්ෂාන් අබේසේකර, අකිල් ජයසිංහ ගීත ගායනයෙන් රවීන් කනිෂ්ක, නීපා හංසනී විමල්සිරි, ලකී ලක්මිණ, නවීන් දිල්ෂාන්,  ඩිලාන් කරුණාරත්න  ඇතුළු පිරිසක් කල්පනා හා එක්වී සිටී.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post