විනූ පෙරේරා මව් පදවියට සූදානම්

gossiplanka image 1
 


පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ කළ ඇය, මුළු රටක්ම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. 



ඒ වෙන කවුරුත් නෙවෙයි, විනූ පෙරේරා. හැමදාමත් රසිකයන්ට ආදරණීය මතකයන් තෑගි කළ විනූ, ඇගේ ජීවිතයේ සුන්දරම පරිච්ඡේදය පෙරළන්න සූදානම් වන බවට දැනගන්නට ලැබුණා.

 

විනූ වගේම ඇගේ ආදරණීය සැමියා තමන්ගේ කැදැල්ලට පැමිණෙන්නට ඉන්න පුංචි අමුත්තා වෙනුවෙන් මහත් බලාපොරොත්තුවෙන් පෙරුම් පුරමින් තමයි ඉන්නේ.


කුළුඳුලේ මව්පියන් වෙන්න කලින් ඔවුන් දෙදෙනා එකතු වී කළ ඉතාමත් සුන්දර ෆොටෝ ශූට් එකක් සමාජ මාධ්‍ය වෙත එක් කරමින් විනූ ලියා තිබුණේ මුළු ලෝකයකටම ආදර්ශයක් දෙන සංවේදී කතාවක්.


"දවසක මගෙ පුතා ඇහුවොත් 'අම්මා මං නිසා අම්මගේ හීන අතෑරියාද?' කියලා, මට දෙන්න ඕනෙ උත්තරේ 'නෑ මං ඔයාවත් බලාගෙනම මගෙ හීනවලට ගියා' කියලා විතරමයි... චූටි පැටියෙක් එක්ක තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන හැම අම්මා කෙනෙක්ගෙම හීන සැබෑවෙන්නම ඕනේ..."


මවක් වීම කියන්නේ ගැහැනියකගේ හීන වැළලී යාමක් නෙමෙයි, ඒ පුංචි දෑතත් අල්ලාගෙන තම හීන කරා යන වඩාත් ශක්තිමත් ගමනක් යන්න පුළුවන් බව විනූ අපූරුවට මතක් කර දෙනවා.


දෙවියන්ගෙන් ලැබුණු ඒ වටිනාම තෑග්ග ආදරයෙන් තුරුළු කරගන්නට පෙරුම් පුරන විනූ පෙරේරාටත්, ඇගේ ආදරණීය සැමියාටත්, මෙලොවට බිහිවන පුංචි පැටියාටත් නීරෝගී, සතුටින් පිරි වාසනාවන්ත අනාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්!

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post