ලාංකීය කලා ක්ෂේත්‍රය ඇතුළේ නර්තනයට වගේම රංගනයටත් එක ලෙස දස්කම් පාන, රූපයෙන් විතරක් නෙවෙයි දක්ෂතාවයෙනුත් ප්‍රේක්ෂක හිත් හොරකම් කරපු දඟකාර, සුන්දර කලාකාරිනියක් තමයි නිරෝෂා තලගල කියන්නේ.
පුංචි තිරයෙන් වගේම වේදිකාවෙනුත් නිතරම අපේ ආලින්දයට එන ඇය ගැන අද අපිට සුවිශේෂී කතාවක් කියන්න තිබෙනවා.
ඇත්තටම අද ඇය ගැන කතා කරන්න විශේෂම හේතුවක් තියෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි, අද ඇයගේ උපන්දිනය යෙදී තිබීමයි!
හැමදාමත් තමන්ගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් අලුත් අලුත් දේවල් කරන නිරෝෂා, මෙවර තමන්ගේ උපන්දිනය දවසෙත් රසිකයන්ට අපූරු තෑග්ගක් දීලා තියෙනවා. ඒ, ඇය උපන්දිනය වෙනුවෙන්ම කරපු ඉතාමත් ලස්සන, ආකර්ෂණීය Photo Shoot එකක පින්තූර කිහිපයක් ඇයගේ නිල මුහුණු පොතට එකතු කරමින්.