චරිතාංග නළුවෙක් විදියට ප්‍රේක්ෂකයන් හමුවට එන්න බලාපොරොත්තු වෙනවා -හර්ෂණ අබේවර්ධන

gossiplanka image 1
  හර්ෂණ අබේවර්ධන චිත්‍රපට, ටෙලි නාට්‍ය, වෙළද දැන්වීම් හා කෙටි චිත්‍රපට නිර්මාණවලට රංගනයෙන් දායක වී ඇති නවක රංගන ශිල්පියෙකි. “ඉඥඥ කධභ”, “සික්ස් පැක්” ටෙලිනාට්‍ය, උදයකාන්ත වර්ණසූරියගේ ” වස්සානයේ සද ” සහ දේවින්ද කෝන්ගහගේ ගේ ” ගිරි වැසි පුර ” චිත්‍රපට සඳහා රංගනයට අමතරව සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නයන්ගේ ” බුද්ධ මාතා ” චිත්‍රපටයේ දේවදත්තගේ චරිතයට හඬ කැවීමට සමත් විය. මෙවර සරසවිය අවකාශය හරහා ඉඩහසර වෙන් වන්නේ නවක රංගන ශිල්පි හර්ෂණ අබේවර්ධන සමඟ සිදු කළ කතාබහ සමඟිනි.


ඔබ කලා ක්ෂේත්‍රයට අත්පොත් තබන්නේ කොහොමද?


ඇත්තටම පාසල් කාලයේ ඉඳන්ම විවිධ කලා කටයුතුවල නිරත වුණා. විශේෂයෙන්ම උඩරට නර්තනය හදාරමින් වෙස් නර්තන ශිල්පියෙකු ලෙසත් කලා කටයුතු වල නිරත වුණා. ඊට අමතරව සිංහල සාහිත්‍ය කටයුතු, පාසල් සංගීත හා නාට්‍ය කටයුතු සඳහාත් දායක වීමට අවස්ථා රැසක්ම හමු වුණා. ඒ හරහා තමා කලාවට අත්පොත් තැබීම සිදු වුණේ.


රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?


රංගන කලාව පැත්තෙන් මම කලාවට අත්පොත් තැබීම සිදුවෙන්නේ 2015 වසරෙදි. ඒ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය හැදෑරීමට යොමු වීම හරහා. එතනින් පසුව තමයි අද වෙනතුරුම කලාවේ නිරත වීමට පන්නරය ලැබුණේ. ඒ වගේම ප්‍රාණ ඒජබඪදඨ ඒජචඤඥථර එක හරහා තවදුරටත් රංගනය හැදෑරීම සිදු වුණා. එහිදී ප්‍රවීණ රංගන ශිල්පීන් වන සම්පත් ජයවීර හා ධනංජය සිරිවර්ධන යටතේ වගේම ප්‍රසන්න මහගමගේ වැනි ගුරුවරුන් යටතේත් රංගනය පිළිබද අභ්‍යාසයන් සිදු කළා.


දැනට ඔබ සම්බන්ධ වු කලා නිර්මාණ මොනවද?


ඇත්තටම මේ වන විට චිත්‍රපට, ටෙලි නාට්‍ය, වෙළද දැන්වීම් හා කෙටි චිත්‍රපට නිර්මාණවලට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඇත්තටම ටෙලි නාට්‍යකින් ටෙලිවිෂන් එක හරහා මුහුණ පෙන්වීමට මට මුලින්ම අවස්ථාවක් අරන් දුන්නේ ධනුෂ්ක රත්නායක අයියා. ඒ ඔහුගේ “ඵඥඥ රධභ” සහ “තරු ආදරේ” යන නාට්‍යවලින්. මේ නාට්‍ය දෙකේම ධනුශ්ක අයියා මට කෙටි තිර කාලයක චරිත දෙකක් තමයි ලබා දුන්නේ. හැබැයි ඒ චරිත දෙකම තිර පිටපතේ කතාවට සහ ප්‍රධාන චරිත වලට සෘජු බලපෑමක් එල්ල කරන චරිත දෙකක් නිසා සහ නව පරපුරේ දක්ෂ සහ නවකයින් සමග ඉතාම සුහදව කටයුතු කරන අධ්‍යක්ෂවරයෙක් වුණ ධනුෂ්ක රත්නායක අයියා එක්ක වැඩ කරන්න තිබ්බ ආසාවත් නිසාම මම ඒ චරිත ඉතා කැමැත්තෙන් කළා.


ඒ වගේම අසංක සායක්කාර මහතා අධ්‍යක්ෂණය කළ “සික්ස් පැක්” නාට්‍යයත් චරිතයක් නිරූපණය කළා. ඒ වගේම උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ” වස්සානයේ සද ” සහ දේවින්ද කෝන්ගහගේ මහතා ගේ ” ගිරි වැසි පුර ” චිත්‍රපට සදහා රංගනයේ යෙදීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම වෙළද දැන්වීම් කිහිපයක් හා කෙටි චිත්‍රපට විස්සකට අධික ප්‍රමාණයකට මේ වන විට රංගනයේ යෙදීමට අවස්ථාව ලැබී තිබෙනවා. රංගනයට අමතරව සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නයන්ගේ ” බුද්ධ මාතා ” චිත්‍රපටයේ දේවදත්තගේ චරිතයට හඩ කැවීමට අවස්ථාව ලැබීම හරහා හඬකැවීම් ශිල්පියෙකු ලෙසත් මේ වනවිට වැඩ කිහිපයකටම අවස්ථාව ලැබී තිබෙනවා.


ඔබ රංගන ශිල්පියෙක්ට අමතරව කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක්. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ කොහොමද?


ඇත්තටම කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු ලෙස මම මුලින්ම නිර්මාණකරණයට යොමු වෙන්නේ 2020 අවුරුද්දේ “මිලින” කෙටි චිත්‍රපටය හරහා යි. එය සැබැවින්ම මම රංගනය ට තිබූ කැමැත්ත නිසාම ප්‍රේක්ෂකයාට දැනෙන චරිතයක් නිරූපණය සදහා තිබූ පිපාසාව සංසිඳුවා ගැනීම උදෙසාම කළ නිර්මාණයක් ලෙසයි අද වෙනකොට මම දකින්නේ. ඊට පසුව 2022 වසරේ දී “ඊඩඥ ඩ්ඪඤඤඥද ඉබධපර” කෙටි චිත්‍රපටය නිර්මාණය කරමින් ඒ සදහා ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන කිහිපයක්ම ලබා ගන්නවා. ඉන් පසුව මම යොමු වෙනවා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජ්ඪතථ ර්චඬඪදඨ ච්ඪනතධථච එක හැදෑරීමට. එහිදී නැවතත් 2025 වසරේදී මම ච්චපඬ ට්භඥඵබ කෙටි ච්ත්‍රපටය නිර්මාණය කරනු ලැබුවා. වඩා විශේශම දේ මම මෙම කෙටි ච්ත්‍රපට තුනම පසුගිය මස 17 වන දින (2026.05.17) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ” ඊපඪඵබධපඪඥඵ ” ලෙස විශේෂ තිරගත කිරීමක් කළා.


ඔබ අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපට තුළින් ප්‍රේක්ෂකාගාරයට ප්‍රකාශ කරන්නේ මොන වගේ පණිවුඩයක්ද?


ඇත්තටම මෙහි පළමු චිත්‍රපටය සහ තුන්වන ච්ත්‍රපටය සදහා මම යොදාගන්නේ මනෝවිද්‍යාත්මක ශානරයයි. එහිදී ” මිලින ” කෙටි චිත්‍රපටයේ දී බිඳ වැටුණු ආදරයකදී සිදුවන දරුණු මානසික සහ ශාරීරික ඛේදවාචකයක් ගැන වගේම ” ච්චපඬ ට්භඥඵබ ” කෙටි චිත්‍රපටය මඟින් රචකයකු තුළ ඇති වන අභ්‍යන්තර මානසික ව්‍යාකූලත්වය නිරූපණය කරයි. නමුත් “ඊඩඥ ඩ්ඪඤඤඥද ඉබධපර” කෙටි චිත්‍රපටය මඟින් මම නාට්‍ය ශානරය යොදාගෙන, චිත්‍රපටය අවසානය හරහා ශශ්‍රී ලාංකාවේ දරුණුතම ඛේදවාචකයක් වුණු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීම පිළිබද ප්‍රශ්න කරනු ලබනවා.


නවක රංගන ශිල්පියෙක් සහ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබ ඇතුළු ඔබේ පරම්පරාවේ දක්ෂයන්ට කලා ක්ෂේත්‍රය ඇතුළේ මුහුණ දෙන්න වෙන සහ මුහුණ දී තිබෙන අභියෝග මොනවද?


ඇත්තටම මම කලා ක්ෂේත්‍රයට එන්න උත්සහ කරන තරුණයින් දහස් ගණනින් මේ ලංකාවේ ඇතුළේ ඉන්නවා. හැබැයි ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන පිරිස ඉතාම අඩු පිරිසක්. එහෙම ඒ වෙනුවෙන්ම කැප වෙලා මහන්සි වෙන මම වගේම සහ මටත් වඩා කැපවීම් කරන යම් තරුණ පිරිසක් මමත් දැනුවත්ව මේ ජ්ඪඥතඤ එකේ එල්ලෙමින් ඉන්නවා හරිම අමාරුවෙන්. මම හිතන්නේ ලොකුම අභියෝගය තමයි පඥණඥජබඪධද වලින් වැටෙන්නැතුව තව දුරටත් හයියෙන් වගේම ඉවසීමේන් අල්ලන් ඉන්න එක.


මොකද අපේ උනන්දුව සහ කැපවීම නැතුව කාටවත් බලෙන් අපේ හැකියාවන් ඔවුන්ගේ නිර්මාණ තුළට අරගන්න උවමනාවක් නැහැ. මටත් පුද්ගලිකව එහෙම ගොඩක් පඥණඥජබඪධදවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා සහ දැනටත් වෙමින් පවතිනවා. ඒ වගේම ආර්ථික වශයෙන් තරුණයෙක්ට ආරම්භයේදී මුහුණ දීමට සිදුවන අස්ථායීතාවයත් ප්‍රබලතම අභියෝගයක්. හැබැයි මුලින්ම අපි මේ විෂයට ආදරේ කරන්න ඉගෙන ගත්තම මම හිතන්නේ නෑ. එතනින් පස්සේ අපිට එන කිසිම අභියෝගයක් ජයගත නොහැකි විශාල අභියෝග කියලා.


ඔබ වඩාත් කැමති චිත්‍රපට සහ අධ්‍යයනය කරන රංගන ශිල්පීන් කවුද?


ඇත්තටම මම වඩාත් කැමති කියලා නෑ ගොඩක් ෆිල්ම්ස් විවිධ ශානරයන්ගෙන් බලන්න කැමති කෙනෙක්.ඒ අතුරින් ඉතින් ඉන්දියානු ඕධතතරඹධධඤ සහ මලයාලම් චිත්‍රපට සහ පැරණි සිංහල චිත්‍රපට වලටත් ඩ්ධපපධප ජ්ඪතථඵ වලටත් යම් වැඩිපුර කැමැත්තක් තිබෙනවා. රංගන ශිල්පීන් ගත්තොත් ඉතින් ලංකාවෙන්නම් මහේන්ද්‍ර පෙරේරා, රවීන්ද්‍ර රන්දෙණිය, ජෝ අබේවික්‍රම සහ ජැක්සන් ඇන්තනී යන රංගධරයන්ගේ රංගනයටත්, ලෝකයෙන් ගත්තොත් ඒපණභද අචථනචත , ඒරභඵඩථචද ම්භපචදච, ජ්චඩචඤඩ ජ්චචඵඪත, ඹ්ඥධදචපඤධ ච්ඥජචනපඪධ වැනි රංගන ශිල්පීන්ගේ රංගනයන්ට වැඩි ආසක්ත බවක් දක්වනවා.


ඔයා ඉදිරියේ දී රංගනයෙන් දායක වෙන්න නියමිත නිර්මාණ මොනවද?


දැනට නිර්මාණ කිහිපයක් සදහා ආරාධනා ලැබිල තියෙනවා. ඒ අතර කෙටි චිත්‍රපට 3ක් සහ වේදිකා නාට්‍යක් සඳහා සූදානමක් තියෙනවා.


ඔබේ අනාගත බලාපොරොත්තුව ගැන කියමු….


ඇත්තටම විවිධ අවස්ථාවන් ලැබිලා විවිධ චරිත රඟ දැක්වීම ඔස්සේ දක්ෂ රංගන ශිල්පියෙකු වීමට තමයි මගේ ලොකුම අනාගත බලාපොරොත්තුව. ඒ වගේම දැනට මම ශශ්‍රී ලංකා වෘත්තිය හා තාක්ෂණික විශ්වවිද්‍යාලය මඟින් ඉගෙන ගන්නා සිනමා සහ රූපවාහිනී උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමත් අනාගතයේ ලොකුවටම තියෙන බලාපොරොත්තුවක්. අවසාන වශයෙන් මේ වසරේදී වේදිකා නාට්‍ය සදහා රංගනයෙන් දායකවීමටත් යම් බලාපොරොත්තුවකින් ඉන්නවා. ඒ සඳහා මේ දිනවල ඒ සදහා මූලික කටයුතු සිදුකරමින් සිටිනවා.


ඔබේ මේ කලා දිවියට සාර්ථකව පැමිණි ගමන් මඟේ උදව් කළ පිරිසකුත් ඇති. අපි ඒ අය ගැනත් මතක් කරමු….


ඇත්තටම මේ තාක් මාව දරගත්ත මගේ පවුලට තමයි මම මගේ පළමු ස්තූතිය දෙන්න ඕනි. අම්මා, තාත්තා මගෙ හීන වෙනුවෙන් කැප කරපු දේවල් ගැන කියන්න මට වචන නෑ. ඒ වගේම මගෙ අයිය අක්ක මට දෙන ඵභනනධපබ එක වගේම දැන් මගේ ආදරණීය බිරිද මට දෙන ඵභනනධපබ එකට මම ගොඩක් අගය කරනවා. ඒ වගේම මට මේ තාක් උගන්නපු සියලූම ගුරුවරුන් සහ අදටත් මගෙ වටේ ඉදන් හදවතින්ම මට මගෙ වැඩ කරගන්න උදව් කරන මගේ යාළුවෝ ටිකත් මම ඉතාම ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ.


මලින්ත විතානගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post