බොලිවුඩ් සුපිරි තරු 3ක් එකවරම මෙරටට

gossiplanka image 1
සුප්‍රසිද්ධ බොලිවුඩ් නලු නිලියන් වන වන ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේද මාර්ග අත්දැකීමට ආකර්ෂණීය බවක් එක් කරමිනි.


ගුවන්තොටුපළේ සුවිශේෂී වේගවත් සේවාවක් වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේද මාර්ග සේවාවේදී කීර්තිමත් පුද්ගලයින් පිළිගැනිමට සහ මගීන්ට වැඩිදියුණු කළ සුවපහසුව වැඩිදියුණු කළ කර්යක්ෂම වේගවත් සේවාවකි.


මෙම සේවාව තුළදි ගුවන්තොටුපළට පැමිණීමේදී සහ පිටවීමේදී පෝලිම්වල නොසිටිමින් කඩිනම් ලියාපදිංචි කිරීම (Express check-in),VIP විවේකාගාරය,ගුවන්ගත වීමට හෝ ගමනාන්තයට පැමිණීමෙන් පසු සුඛෝපභෝගී ‘සේද මාර්ග’ විවේකාගාරයේ (Silk Route Lounge) රැඳී සිටිමින් ආහාරපාන භුක්ති විඳීමට හැකියාව,ගමන් මලු හැසිරවීම,ඔබගේ ගමන් මලු (Baggage) බාර දීම ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය විසින්ම සිදුකර දීම,ආගමන විගමන කටයුතු ඉතා කඩිනමින් බාධාවකින් තොරව ආගමන විගමන හා රේගු කටයුතු (Immigration and Customs) අවසන් කිරිම, ආදි සේවාවන් රාශියක් සිදු කරනු ලබයි.


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමාජ මාධ්‍ය පිටුවල සහ වෙබ් අඩවි වල මෙම BIA මාර්ගයේ සුවිශේෂතා මිල ගණන් ප්‍රදර්ශනය කර තිබේ.    

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
Previous Post Next Post