ධනුක අයියා මට මාරම හෙල්ප් එකක් දුන්නේ-චිත්මිණි

gossiplanka image 1
 

‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ සුද්දි ලෙසින් ඔබට ළෙංගතු වන චිත්මිණි මඩවලගේ රංගනය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු දෙයක් නැහැ. ඉතිං චිත්මිණි සමග පොඩ්ඩක් කතාබහ කරන්න ‘මව්රට’ හාට් හිතුවා. ඇය ‘සිහිනෙක තනිවෙලා’ දර්ශන තලයේදී ලැබුණු පුංචි විරාමයක් අතරතුර අපි සමග පිළිසඳරක යෙදුණේ මේ විදියට.

කොහොමද චිත්මිණි?

හොඳින් ඉන්නවා. මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. දැනුත් ෂූටින් අතරතුර පොඩ්ඩක් එළියට ඇවිත් තමයි මේ කතා කරන්නේ.

මේ දිනවල ආදරය හොයාගෙන යනවා අපි දකිනවා?

ටෙලිනාට්‍ය දෙකේම ආදරය හොයාගෙන යනවා මගේ චරිත දෙකට අනුව. හැබැයි ඒ ආදරය විවිධාකාර විදියට තමයි මම දකින්නේ. සුද්දිගේ ආදරය අවංක ආදරයක්. සුද්දිට හමුවන පළමු පෙම්වතාගේ ආදරය ලබාගන්න, ඒ ආදරය විඳින්න ගොඩක් උත්සාහ කළා. හැබැයි එයට වඩා හාත්පසින්ම වෙනස් සචිනිගේ චරිතය. ඇය උගත් පවුලක බුද්ධිමත් කෙනෙක්. නාගරික පරිසරයක හැදුණු වැඩුණු කෙනෙක්. සචිනි අජිත් අයියාගේ ආදරය ලබාගන්න පස්සෙන් ගියපු වාර අනන්තයි. අජිත් අයියාගේ ආදරයක් සචිනිට නැහැ. ඒ නිසා ඒ ආදරය හිතින් අමතක කළා. අජිත් අයියා දැන් සචිනි පස්සෙන් එනවා. ඔය විදියට තමයි ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යය ගලාගෙන යන්නේ.

ජීවිතයේ ලබපු අත්දැකීම් ඒ චරිත කරනකොට මතක් වෙන්නේ නැද්ද?


සමහර කොටස් රඟපානකොට මට මෙහෙම වෙලා තියෙනවනේ කියලා මතක් වෙනවා.

සුද්දිගේ තාත්තා හරිම කෙනා දැනගන්නකොට මොන වගේ හැඟීමක්ද ඒ අවස්ථාවෙදි දැනුණේ?

අපි කාටත් මවුපියන්ගේ ආදරය සෙනෙහස පොඩි කාලේ ඉඳලා ඕනෙ. ඉතින් ඒ වගේම තමයි සුද්දිට ආදරය සෙනෙහස ලබාදුන්න මවුපියන් ළඟ ඉන්නකොට. තාත්තා උදයසිරි නෙවෙයි අහවල් කෙනා කියලා දැනගත්තත් එහෙම ලේ සම්බන්ධයක් දැනෙන්නේ නැහැ. තව කෙනෙක්ට එය වචනයක් විතරයි. සුද්දිට අත්වුණු ඉරණම සමග සමාජයෙන් සුද්දිලා වගේ අය කොයි තරම් ඉන්නවද? මම හිතන්නේ එයාලටත් සුද්දි වගේ දැනෙනවා ඇති.

ධනුක එක්ක රඟපාද්දි ඔහුගෙන් ලැබුණු සහාය කොහොමද?

ඒ ගැන නම් කතා කළ යුතුමයි. ධනුක දිල්ශාන් අයියාගෙන් මගේ චරිතයට ලොකු සහායක් ලැබුණා. සමහර අවස්ථාවල මට වැරැදුණාම අයියා ‘බය නැතුව රඟපාන්න නංගි මම රඟපාන්න ආපු මුල් කාලේ ඔයිට වඩා වැරැදුණා’ කියමින් මගෙ හිත හැදුවා. ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේ මම විතරයි නවක කෙනකුට රඟපෑවේ. අලුත් කෙනෙක් මෙහෙම ආවාම සපෝට් එකක් නැති වුණාම චරිතය බහිනවා කියලා ප්‍රතික්ෂේප කරන පිරිස් ඉන්නවා. හැබැයි ධනුක අයියා මාවත් ඇදගෙන චරිතය කරන්න මාරම හෙල්ප් එකක් දුන්නේ.

තවත් සම්මානනීය රංගන ශිල්පීන් රැසක් ඔබට මේ නිර්මාණය හරහා හමුවුණා නේද?

ඇත්තටම මට මේක නම් හීනයක්. මොකද මම වැඩ කරපු නිර්මාණවල ප්‍රවීණ ශිල්පීන් සමග වැඩ කළා. හැබැයි ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යයේදී මම පොඩි කාලේ රූපවාහිනියේ දැකපු දක්ෂ රංගන ශිල්පීන් රැසක් සමග මට එකට වැඩකරන්න ලැබුණු එක හීනයක්. කවදාවත් මම හිතුවේ නැහැ මේ වගේ දැවැන්ත පිරිසක් වැඩකරන නිර්මාණයක මට මේ විදියේ ප්‍රධාන චරිතයක් කරන්න ලැබේවි කියලා. සරත් කොතලාවල, උදයන්ති කුලතුංග, චන්දික නානායක්කාර, රත්නා ලාලනී ජයකොඩි, ජගත් බෙනරගම වගේ ප්‍රවීණ සම්මානනීය ශිල්පීන් රැසකගෙන් මට ලොකු සහායක් ලැබුණා. ඒ නිසාම සුද්දි චරිතය පුදුමාකාර ආශාවකින් මම කළේ.

gossiplanka image 2
Previous Post Next Post