ඉතාමත් කෙටි කාලයක් තුළ සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක් වුණු නිම්මි මනෝහාරි මේ වනවිට ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටිනවා. ඉතින් ඇයගේ කලා දිවියේ නවතම තොරතුරු දැනගන්න ‘හාට්’ අපි ඇයව සම්බන්ධ කරගත්තේ මේ විදියට.Sri Lanka Latest News
ඔබ මේ දවස්වල ‘පරිමි ළමයි’ සමග යන ගමන ගැන මුලින්ම කතා කරමු?
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ මැණිකාගෙ චරිතය මම රඟපාන්නේ. මැණිකා සාමාන්‍ය ගැහැනියක්. සමාජ ආර්ථික ප්‍රශ්න එක්ක ගැටෙමින් තමයි මැණිකාගෙ චරිතය ගලාගෙන යන්නේ. දීර්ඝ ටෙලිනාට්‍ය අතරින් ප්‍රේක්ෂකයන් ආදරයෙන් ‘පිරිමි ළමයි’ වැලඳගෙන තියෙන නිසා ඉතා හොඳ ප්‍රතිචාර මගේ චරිතයට ලැබෙනවා.
ඔබ එකම අධ්‍යක්ෂවරයකු යටතේ ඔහුගේ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. එයට විශේෂ හේතුවක් තියෙනවද?
එහෙම විශේෂ හේතුවක් නැහැ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ තිර පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්වරුන් දෙදෙනා මගේ ගුරුවරු. ඔවුන් නිර්මාණය කළ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය මගේ පළමු රංගනය. එයට අමතරව ‘සර්කස්කාරයෝ’ ‘පිරිමි ළමයි’ සඳහා මම රංගනයෙන් දායක වුණා. ඉතින් අදටත් මම රඟපාන ටෙලිනාට්‍යයක ඔවුන් චරිතයක් දැක්කොත් මගේ වැරැදි අඩුපාඩු කියා දෙමින් මගේ ගමනට ආශීර්වාද කරනවා. අපි පවුලක් විදියට එකට වැඩකරපු නිසා වැඩ කරන්න වුණත් පහසුයි.
නයෝමි චරිතය ඔබට ආලෝකයක් වුණා නේද?
‘වියළි’ ටෙලිනාට්‍යය මම රඟපාපු දෙවැනි ටෙලිනාට්‍යය. චන්දන ඉරුගල්බණ්ඩාර මහතාගේ නිර්මාණයක්. නයෝමි චරිතය මගේ ඉදිරි ගමනට ශක්තියක් වුණා කියලා කිව්වොත් හරි. නයෝමි කියන්නේ ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් ජීවත්වෙන ගැහැනු ළමයෙක්. ඒ චරිතය හරහා මට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. ඒ වගේම නයෝමි චරිතය අභියෝගාත්මක චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්.
‘වියළි’ සමග ගෙවපු ජීවිතයට පසුකාලීනව සුන්දර වැස්සක් ඇදහැලුණා නේද?
ඔව්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි. 2025 සුමති සම්මාන රාත්‍රියේ හොඳම නැගී එන රංගන ශිල්පිනිය ලෙස මට සම්මාන ලැබුණා. ඇත්තටම ඒක මට හීනයක් වගේ. මම හිතුවේ නැහැ මේ තරම් කෙටි කාලයක් තුළ මට සම්මානයක් ලැබෙයි කියලා. හිතේ පුංචි බලාපොරොත්තුවක් තිබුණා කවදා හරි දවසක සම්මානයක් ගන්නවා කියන අදහස.
දැන් ඉතින් නිම්මිට වටිනාකමකුත් ඇති නේද?
සම්මානනීය රංගන ශිල්පිනියක් වුණත් නැතත් කලාකරුවාට හරි කලාකාරිනියට හරි නිසි වටිනාකමක් තියෙනවා. මට ඒ වටිනාකමට අදාළ ගරුත්වය නිෂ්පාදකවරුන්, නිෂ්පාදක කණ්ඩායම විසින් මට ලබාදීලා තියෙනවා.
නිම්මිව අපිට වැඩිපුර දැකගන්න ලැබුණේ ගැමි චරිත හරහා?
මට ලැබුණු හැම ගැමි චරිතයක්ම නිරූපණය කරද්දි චරිතයට අදාළ වෙනස්කම් මම කරලා තියෙනවා. ඒ චරිතවලට සාධාරණයක් කිරීමට මම උත්සාහ කරනවා.
‘දුවපං මචං’ යන ගමන කොහොමද?
රත්නශීලා පෙරේරා මහත්මියගේ වේදිකා නාට්‍ය නිර්මාණයක්. ‘දුවපං මචං’ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඉතා හොඳට දුවනවා. මම සම්බන්ධ වෙන නවතම වේදිකා නාට්‍යයට ඒ ලැබෙන ප්‍රේක්ෂක ආදරය මට වෙනස්ම අත්දැකීමක්. මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව සමග ඒ මොහොතේදී කතාකරමින් ඒ ආදරය විඳිනවා.
වසන්ත විතාරණගේ