කලාව දැන් බිස්නස් එකක් වෙලා -ලක්ෂිකා ෆොන්සේකා

gossiplanka image 2
 


“මේඝා“ ටෙලි නිර්මාණය හරහා “වසූදා“ ලෙසින් අපේ හදවත්වල මතකයන් එක් කළ ඇය, අද රංගනයෙන් මඳක් දුරස් වුවද, අදටත් අපට අමතක නැත. කලාවෙන් ටික කලක් නිහඬවී සිය දියණිය සමග නව ජීවන මඟක් තැනූ ඇය, අද දක්ෂ ව්‍යාපාරිකාවකි. ඇය රංගනයට සමුදුන්නාද? නැතිනම් මේ නිහඬ බව තවත් නැවත පැමිණීමක පෙරනිමිත්තක්ද? නැත්නම් ඒ හුදෙක් අතීතයක මතකයක්ද? ඒ සියල්ල ගැන සොඳුරු ලෙස දොඩමලු වන්නට ලක්ෂිකා ෆොන්සේකා ‘මව්රට හාට්‘ ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.Sri Lanka Latest News


ලක්ෂිකා, මේ දවස්වල රංගනයෙන් ඈත්වෙලා දුවත් එක්ක අලුත් වෘත්තියක නිරත වෙනවා නේද?

ඔව්, මේ දවස්වල දුවගේ ඇඳුම් නිර්මාණ ව්‍යාපාරයේ වැඩකටයුතුවලට උදවු වෙනවා. “හස්ත බයි නෙතු“ කියන සන්නාමය යටතේ තමයි ඇය ඒ වැඩ කරන්නේ. දුවට නිර්මාණ කටයුතුවලට කාලය මදි නිසා මම තමයි ව්‍යාපාරික පැත්ත කළමනාකරණය කරන්නේ. ඉදිරියේදී විවාහ මංගල්‍ය උත්සව කාලය එන නිසා ඒ සඳහා අවශ්‍ය ඇඳුම් නිර්මාණය කිරීමේ වැඩකටයුතුවලට දැන් වැඩිපුර කාලය යොමුකරනවා.

ව්‍යාපාරික කටයුතු නිසා මේ දවස්වල ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැද්ද?

ඇත්තටම මේ දවස්වල අලුතින් වැඩක් භාරගෙන නැහැ. හොඳ නිර්මාණයක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා.

ඔබ රංගනයෙන් මඳකට විරාමයක් ගන්න කලින් අවසන් වරට දායක වුණු නිර්මාණ මොනවාද?

මම අවසන් වරට රංගනයෙන් දායක වුණේ “ජානු“, “ආලවන්තී“ සහ “රට පවුල“ යන ටෙලි නාට්‍යවලටයි.

කලාවෙන් ඈත්ව සිටින විට ඔබ ආසාවෙන් රඟපෑ චරිත මතක් වෙන්නේ නැද්ද?

මතක් වෙනවා. විශේෂයෙන්ම “ආලවන්තී“ ටෙලි නාට්‍යයේ මට කරන්න දෙයක් තිබුණු චරිතයක් ලැබුණා. සරත් කොතලාවල අයියා සමඟ එහි රඟපෑවා. ඊට අමතරව මම වඩාත්ම ආදරය කරන චරිතයක් තමයි “කනේරු“ නාට්‍යයේ “ශාන්ති“ගේ චරිතය. ඇය ඇමැතිවරයකුගේ බිරිඳක් වුණත් හරිම පීඩනයකින් ජීවත් වුණු කාන්තාවක්. ඒ වගේම මාව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ගිය “ඉර හඳ යට“ නාට්‍යයේ “දම්මි“ ගේ චරිතයට මම අදටත් හරිම ආසයි. එදාට වඩා අද මට රංගනය ගැන අත්දැකීම් තිබෙනවා. ඒ කාලේ මම ක්ෂේත්‍රයට අලුත්. දැන් හිතෙනවා ඒ චරිත තව ගොඩක් හොඳට කරන්න තිබුණා කියලා.

ඒ දවස්වල ලැබුණු ප්‍රතිචාර මතක් කළොත්?

“ඉර හඳ යට“, “වසූදා“, “චාතුර්යා“ සහ “කනේරු“ වැනි නාට්‍යවලට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්ෂකයන් අදටත් ඒ චරිත මතකයේ තබාගෙන සිටීම ලොකු සතුටක්.

බැණුම් අහපු චරිතත් තියෙන්න ඇති?

අම්මෝ ඔව්! වැඩිපුරම බැණුම් ඇහුවේ “වසූදා“ නාට්‍යයේ රඟපාපු චරිතයට. ඒක නපුරු චරිතයක්නේ. පාරේ යනකොට මිනිස්සු බණිනවා “ඇයි ඔයා ඔය වගේ නරක වැඩ කරන්නේ?“ කියලා. සමහර අය කියලා තිබුණා “අපේ ගෙවල් පැත්තේ එන්න එපා, නැන්දම්මා ගහන්න බලාගෙන ඉන්නවා“ කියලා. මෙගා රැල්ලේ නාට්‍යයක් වුණත් ඒ චරිතය මිනිස්සුන්ට ඒ තරම් දැනුණු එක ගැන නිළියක් විදිහට මට සතුටුයි.

වර්තමාන කලාව ගැන මොකද හිතෙන්නේ?

දැන් තාක්ෂණය දියුණු වුණාට නිර්මාණවල ගුණාත්මකභාවය පිළිබඳ තෘප්තිමත් වෙන්න අමාරුයි. කලාව දැන් බිස්නස් එකක් වෙලා. අපේ කාලයේ කලාවට තිබුණු ඒ ගෞරවය සහ කැපවීම අද අඩුයි. ඉස්සර මාලනී අක්කලා වගේ අය වෙනත් කිසිම වෘත්තියක් නොකර රංගනය වෙනුවෙන්ම ජීවිතය කැප කළා. නමුත් අද රංගනයෙන් විතරක් ජීවත් වෙන්න අමාරු නිසා හැමෝම තව ව්‍යාපාරයක් කරනවා. කොටස් දහස් ගණන් ඇදෙන මෙගා නාට්‍යවලට වඩා ගුණාත්මක කෙටි නාට්‍ය බිහි වෙනවා නම් මම කැමැතියි.

“වසූදා“ වැනි මෙගා නාට්‍යයකින් ජනප්‍රිය වුණු ඔබම දැන් මෙගා නාට්‍ය එපා කියන්නේ ඇයි?

ඒක නතර කළ යුතුයි කියලා මම කියන්නේ ප්‍රේක්ෂකයන්ට ඒක එපා වෙන නිසයි. සමහර නාට්‍ය ජනප්‍රිය වෙද්දී අනවශ්‍ය ලෙස චරිත ඇතුළත් කරලා කතාව ඇදගෙන යනවා. එතකොට නිර්මාණයේ වටිනාකම නැති වෙනවා. නාට්‍යයක් එපා වෙන්න කලින් නතර කරන එකයි වටින්නේ. උදාහරණයක් විදිහට “ඉර හඳ යට“ නාට්‍යය කොටස් විසි ගණනයි ඒක අදටත් ජනප්‍රියයි.

ඔබ රංගනයෙන් ඈත් වුණේ දියණිය වෙනුවෙන්ද?

ඔව්, දුව ලැබෙන්න ඉන්නකොට මම රඟපාන්නේ නැහැ කියලා තීරණය කළා. පසුව දුවට අවුරුදු දෙක හමාරේදී “චාතුර්යා“ නාට්‍යයට සම්බන්ධ වුණේ බලවත් ඉල්ලීමක් නිසයි. ඉන්පසු ඇගේ අධ්‍යාපන කටයුතු නිසා මම නිර්මාණවලින් ඈත් වුණා. ඇය විශ්වවිද්‍යාලයේ ෆැෂන් ඩිසයිනින් හදාරද්දී මට ඇගේ වැඩවලට උදවු වෙන්න තිබුණා. දැන් ඇය උපාධිය අවසන් කරලා තමන්ගේම ව්‍යාපාරයක් කරනවා. මම දැන් වැඩිපුර කාලය ඇය වෙනුවෙන් කැප කරනවා.

ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයට එනවාද?

ඔව්, හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා. හැබැයි දුවගේ විවාහයෙන් පස්සේ මම මේ හැම දේකින්ම සමුගන්න හිතාගෙන ඉන්නේ. දුව නම් ඒකට කැමැති නැහැ. එයා මම රඟපානවාට, සින්දු කියනවාට හරි කැමැතියි. මම ටී.වී වැඩසටහනකට යනවා නම් ඇඳුමේ ඉඳලා කරාබුව වෙනකම් හැමදේම ලෑස්ති කරලා දෙන්නේ එයා. ඇය තමයි මගේ හොඳම ප්‍රේක්ෂකයා. ඒත් මට දැන් ටිකක් විවේක ගන්න ඕනේ කියන හැඟීම තියෙනවා.

විවාහ වෙන්නෙත් නැතුව රංගනයට කැපවුණු අය හිටියා.

gossiplanka image 1
Previous Post Next Post