ආස කරන දේ ලැබුණු එකම සින­මා­වෙන් ලද ලොකුම ජය­ග්‍ර­හ­ණ­යක් - අශාන් ඩයස්

gossiplanka image 1
 



 

මේ දින­වල බොහෝ විට ඔහු අපට හමු­වන්නේ රිදී තිර­යේදීය. රාණී, වාල­ම්පූරි, ආයු මෙන්ම මාරියා සින­මා­පට ඔස්සේ පෑ දස්කම් උදෙසා ඔහු හොඳම නළුවා ලෙස දෙස් විදෙස් සම්මාන හිමි­ක­ර­ගත් දක්ෂ රංගන ශිල්පි­යෙකි. ප්‍රවෘත්ති නිවේ­ද­ක­යෙක් ලෙස ක්ෂේත්‍ර­යට පිවිසි ඔහු රංග­න­යට මෙන්ම සිංහල, ඉංග්‍රීසි භාෂා ද්විත්ව­යෙන්ම නිවේ­ද­න­යට දස්ක­ම් පා­න්නෙකි. ඔහු නමින් අශාන් ඩයස්ය.


පුංචි කාලෙ ඉඳන්ම කලා ක්ෂේත්‍ර­යට එන්න ආසා­වක් තිබු­ණද?


පුංචි කාලෙ ඉඳන් ක්‍රීඩා­වෙන් ඉදි­රි­යට යන්න තමයි මට ආසා­වත් තිබුණේ. කලාව විෂ­යයක් වශ­යෙන් කළා. වෘත්ති­යක් විදි­හට නම් මේ ක්ෂේත්‍ර­යට එන්න බලා­පො­රො­ත්තු­වක් තිබුණේ නෑ.


ඔබ ක්ෂේත්‍රය හඳු­නා­ගන්නේ ප්‍රවෘත්ති නිවේ­ද­ක­යෙක් විදි­හට. ඒ ගැන මතක් කර­නවා නම්?


මම කුඩා කාල­යේදී රංග­න­යට තිබුණු ආසාව නිසාම වේදිකා නාට්‍යය, සංගීත තරඟ, නිවේ­දන තර­ග­ව­ලට සහ­භාගි වෙනවා. ඒත් සම­ඟම මාධ්‍ය ක්ෂේත්‍ර­යට එන්න පොඩි ආසා­වක් එනවා. මේ නිසාම මම මාධ්‍ය ආය­ත­න­ය­කට සම්බන්ධ වෙනවා. එතැ­නදී මම වාර්තා­ක­රු­වෙක් විදි­හට සම්බන්ධ වෙලා පසු කලෙක ප්‍රවෘත්ති නිවේ­ද­ක­යෙක් බවට පත්වෙ­නවා. වසර හතක් පුරා­වට වෘත්ති­මය ප්‍රවෘත්ති නිවේ­ද­ක­යෙක් වශ­යෙන් කට­යුතු කළා.


රංග­න­යෙන් දායක වුණ මුල්ම චිත්‍ර­ප­ටය මත­කද?


මම වේදිකා නාට්‍ය­යක් කරන අත­ර­තුර චන්ද්‍රන් රත්නම් මහතා මට චිත්‍ර­ප­ට­යකට ආරා­ධනා කර­නවා. ඒ එතු­මාගේ අලි­මං­කඩ චිත්‍ර­ප­ට­යට, ඔහු එහි කෘතිය සහ තිර­පි­ට­පත මට දෙනවා. කෘති­යෙහි ජන­ප්‍රි­ය­ත්වය නිසාත් තිර­පි­ට­ප­තෙහි හොඳ කතා­වක් තිබුණ නිසාත් මම ඒ සඳහා කැමති වෙනවා. එතැනි තමයි මගේ සිනමා පිවි­සීම.


ප්‍රවී­ණ­ය­න්ගෙන් ලැබුණු සහ­යෝ­ගය කොහො­මද?


මම හරිම වාස­නා­ව­න්තයි. මොකද මම වැඩ කරපු හැම නිර්මා­ණ­ය­කම ප්‍රවීණ නළු නිළි­යන් සිටියා. මගේ ප්‍රථම නිර්මා­ණය තුළම ජෝ අබේ­වි­ක්‍රම, සනත් ගුණ­ති­ලක, වීණා ජය­කොඩි වගේ ප්‍රවීණ නළු නිළියෝ සිටියා. එයාලා මට ලොකු සහ­යෝ­ග­යක් දුන්නා. ඒ වගේම මම රංග­න­යෙන් දාය­ක­වුණු සෑම නිර්මා­ණ­ය­ක­දීම ප්‍රවී­ණ­ය­න්ගෙන් ලොකු සහ­යෝ­ග­යක් ලැබුණා.


මාරියා ගැන කතා කර­නවා නම්?


මාරියා චිත්‍ර­ප­ටය තුළ තියෙන්නේ මාස හයක මුහුදු යන ධීව­රයෝ හය දෙනෙ­කුගේ කතා­වක්. සමීප මිතු­රන් හය­දෙ­නෙක්. ඩයියා කියන චරි­තය මං කළේ. සම්පූ­ර්ණ­යෙන්ම මුහුදේ රූගත කළ අභි­යෝ­ගා­ත්මක චිත්‍ර­ප­ට­යක් කිවුවත් හරි.


‘මාරියා‘ රූගත වෙන්නේ මුහුද මැද. ඒ අත්දැ­කීම කොහො­මද?


කිසිම අත්දැ­කී­මක් නොමැති නිසා සම­හර අය මුහුදු යන්න බයයි. නමුත් මම මුහුදු ගිහින් තියෙ­නවා. මට පීන­න්නත් පුළු­වන්, හැබැයි සති දෙක තුනක් මුහුදේ මැද රූගත කිරී­මක් කර­නවා කියන්නේ වෙන­මම අත්දැ­කී­මක්. මොකද ගොඩ බිමේ ඉඳලා මුහු­දට ගිහින් ඒ වගේ දවස් යන කොට වෙන­මම ලෝකෙ­කට ගියා වගේ දැනෙ­නවා, මේ නිසාම කතාවේ පැවති නිර්ව්‍යාජ බව රැක ගන්න පුළු­වන් වෙනවා. ඒ වගේම බෝට්ටු­ව­කදි කළ යුතු හැම­දේම අපිට ඉගෙන ගන්න සිදු­වුණා. ඉතින් ඒක ගොඩක් හොඳ අත්දැ­කී­මක්.


සින­මාවේ ඔබට ඉහ­ළම ප්‍රේක්ෂක ප්‍රති­චා­ර­යක් ලැබුණු චරි­තය මොකක්ද?


සිරි පැර­කුම් චිත්‍ර­ප­ටයේ පති­රාජ සෙනෙ­විගේ චරි­ත­යට මට ලොකු ප්‍රති­චා­ර­යක් ලැබුණා. ඊට පසුව වැඩිම කාල­යක් කතා වෙන සහ අද­ටත් කතා කරන චරි­ත­යක් තමයි සරි­ගම චිත්‍ර­ප­ටයේ කැප්ටන්ගේ චරි­තය.


ක්ෂේත්‍රය තුළ ඔබට ලැබුණු ජය­ග්‍ර­හණ මොන­වාද?


මේ ක්ෂේත්‍රය තුළ වැඩ කර­මින්, ජීවත් වෙන්න මුදල් හම්බ කර­ගෙන තමන් ආස කරන දේ කර­ගෙන ඉන්න එකම මට ලොකු ජය­ග්‍ර­හ­ණ­යක්.


සින­මාව තුළ වෙනස් විය යුතු යැයි ඔබ සිතන කරුණු කාරණා තියෙ­න­වද?


පෙර වස­ර­වල සිනමා ක්ෂේත්‍රය කඩා වැටිලා කියලා කිව්වත් පහු­ගිය වසරේ තිර­ගත වුණු සිය­ලුම චිත්‍ර­පට ගොඩක් ජන­ප්‍රිය වුණා. සින­මාව මෙතෙක් පැවත ආ ක්‍රම­වේද වෙනස් කළ යුතු බව මේ වසර තුළ පැහැ­දිලි වුණා. කලින් තරුණ පර­පුරේ නිර්මාණ යට කරපු අවස්ථා තිබුණා. කාගෙ­වත් සහ­යෝ­ග­යක් නොමැ­තිව මේ වසර තුළ ඔවුන් සාර්ථක වැඩ කිහි­ප­යක්ම කළා. ඒ ක්‍රම­වේ­දය ඒ ආකා­ර­ය­ටම ගෙන ගියා­නම් හොඳයි කියලා මම විශ්වාස කර­නවා. ඒ වගේම නිර්මා­ණ­යක් කර­න­වා­නම් ඉහළ ගුණා­ත්මක භාව­ය­කින් ඉදි­රි­පත් කළ යුතුයි. එවිට ප්‍රේක්ෂ­ක­යන් අනි­වා­ර්ය­යෙන්ම සින­මාව හා රැඳී ඉඳියි.


ක්ෂේත්‍ර­යට එන නවක කලා­ක­රු­වන්ට ඔවුන්ගේ හැකි­යා­වන් ප්‍රගුණ කර ගන්නට ඔබ දෙන අද­හස කුමක්ද?


තමන් රංගන ක්ෂේත්‍ර­යට එන හේතුව මුලින්ම දැන­ගන්න. ක්ෂේත්‍ර­යට එන්නේ ජන­ප්‍රිය වෙන්න පම­ණක් නම් අවශ්‍ය දේ කර­ගෙන ජන­ප්‍රි­ය­ත්වය අර­ගෙන සතු­ටින් ඉන්න. එහෙම නැතුව වෘත්ති­යට හා රංග­න­යට කැමැ­ත්තෙන් සහ ආද­ර­ය­කින් එනවා නම් ඒ පිළි­බ­ඳව දිනෙන් දින ඉගෙන ගන්න, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් සමඟ කතා කරන්න. අලු­තින් දේවල් ඉගෙන ගන්න. ක්ෂේත්‍රය තුළ කෙටි පාර­වල් නෑ. ඉදිරි ගමන නොනැ­වතී අලුත් දේවල් හොය­මින් යන්න. අනි­වා­ර්ය­යෙන්ම ඔබ සාර්ථක වේවි.


ඉදිරි වැඩ කට­යුතු මොන­වාද?


දැනට මම පෙබ­ර­වාරි මාසයේ රඟ දැක්වෙන වේදිකා නාට්‍ය­යක පුහු­ණු­වීම් කර­නවා. එතෙක් කිසිම වැඩක් භාර­ගන්න කට­යුතු කරන්නේ නැහැ. කලින් කරපු චිත්‍ර­පට කිහි­ප­යක් රූගත වෙන්න නිය­මි­තයි. ඒ අත­රි­නුත් ධර්ම යුද්ධය- 2 සහ සූරිය සුළඟ යන චිත්‍ර­පට ළඟ­දීම තිර­ගත කිරී­මට නිය­මි­තයි.


මෙතෙක් පැමිණි ගමන් මඟේ ඔබට සහාය වූවන් ඇති. ඒ ගැනත් මතක් කරමු?


කුඩා කාලයේ සිටම මම කලා­වට ආසා කළේ මගේ මව්පි­යන් නිසා. ඒ වගේම මේ තැනට එන්න හුරු කළේ මගේ පාසල් ගුරු­ව­රුන්. ඉතින් නම් වශ­යෙන් කියන්න බැරි පිරි­සක් මට සහ­යෝ­ගය ලබා දුන්නා. ඒ අත­රින් විශේ­ෂ­යෙන්ම මතක් කර­නවා චන්ද්‍රන් රත්නම් මහ­ත්ම­යාව. ඔහු නිසා තමයි මම සිනමා ක්ෂේත්‍ර­යට එන්නේ. ඒත් එක්කම මා හා වැඩ කළ අධ්‍ය­ක්ෂ­ක­වරු නිෂ්පා­ද­ක­වරු ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෝ නිසා තමයි අද මම මෙතන ඉන්නේ.

gossiplanka image 2
Previous Post Next Post