රාහුල හාමු­දු­රු­වන්ගේ චරි­තය ඇතුළෙ ජීවත් වෙද්දී මට ලොකු නිද­හ­සක් දැනුණා - ගයාන් ගුණ­ව­ර්ධන

gossiplanka image 2
 


ගයාන් ගුණ­ව­ර්ධන නමින් අද ඔහු නොහ­ඳු­නන කෙනෙක් නැති තර­ම්‍ ය. හිරු නාළි­කාවේ විකා­ශය වන ‘තරු ආදරේ’ ටෙලි නිර්මා­ණයේ සඳ­ගෝමි ලෙසින් මේ දින­වල ඔබේ ආද­රය දිනා සිටින ඔහු තම පියාගේ අඩි­පාරේ යමින් ගාය­ක­යකු ලෙස ක්ෂේත්‍ර­යට පිවිස මේ වන ­විට ගාය­ක­යකු, රංගන ශිල්පි­යකු, ව්‍යාපා­රි­ක­යකු ඇතුළු භූමිකා රැසක් ඔස්සේ තම දක්ෂතා පෙන්ව­මින් සිටියි. ඔහුගේ ගම­නට නිර­තුරු සවිය වෙමින් ඔහු පසු­පස සිටින ඇය ද දක්ෂ රංගන ශිල්පි­නි­යකි. ඇය නමින් පූජනී භාග්‍යාය. ඔවුන්ගේ සොඳුරු කැදැල්ලේ තොර­තුරු ද සම­ඟින් අද අප හා එක්වන්නේ ගාය­න­යෙන් මෙන්ම රංග­න­යෙන් ද ඔබේ ආද­රය දිනූ ගයාන් ගුණ­ව­ර්ධ­නය.


සඳ­ගෝමි කිය­න්නෙත් ගායන තරු­වක්. ඔබ මේ දව­ස්වල තරු අතරේ තරු­වක් වෙලා නේද?


ඔව්. ඔව්. මේ දින­වල ධනුෂ්ක රත්නා­ය­කගේ ‘තරු ආදරේ’ ටෙලි නිර්මා­ණයේ සඳ­ගෝමි කියන ප්‍රධාන භූමි­කා­වෙන් ප්‍රේක්ෂ­ක­යින් අත­රට එනවා. සඳ­ගෝමි කිය­න්නෙත් මගේ සැබෑ ජීවි­තේට සමීප චරි­ත­යක්. ‘තරු ආදරේ’ ධනුෂ්ක ප්‍රනා­න්දුගේ නිෂ්පා­ද­න­යක්. තිර පිට­පත බුද්ධිනී ජය­ව­ර්ධ­නගේ. සඳ­ගෝමි කියන්නේ ගායන ක්ෂේත්‍රයේ නිහ­ත­මානී ගම­නක් යන ගායන තරු­වක්. තම රසි­කා­වි­යක් හා පෙමින් වෙළෙන සඳ­ගෝ­මිට පියාගේ ව්‍යාපා­රික මිතු­රෙ­කුගේ සොහො­යු­රි­ය­ක­ගෙ­නුත් යෝජ­නා­වක් එනවා. තුන්කොන් ප්‍රේම­යක් අතරේ දෝල­නය වන කතා­වක් කිවුවත් හරි. ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තොත් ඒක තමයි මේ දින­වල විකා­ශය වෙන්නේ. ඊට අම­ත­රව තවත් අලුත් ටෙලි නිර්මා­ණ­යක් ගැන සාකච්ඡා වෙමින් යනවා. එය ඇක්ෂන් සහ කොමඩි පැත්ත මූලික කර­ගත්ත ටිකක් වෙනස් විදිහේ ටෙලි නිර්මා­ණ­යක්. ඉදි­රි­යේදී රූගත කෙරෙ­නවා. මාත් සම­ඟින් සංගීත් ප්‍රභූ, කැළුම් ශ්‍රී, සංජය මුර­මු­දලි රංග­න­යෙන් දායක වෙනවා.


හැම­දාම ප්‍රේම­ව­න්ත­යා­ටම කොටු වෙලා කියල හිතෙන්නෙ නැද්ද?


බොහෝ­දු­රට එහෙම වුණා. මේ වෙද්දි මං ටෙලි නිර්මාණ එකො­ළ­හ­කට රංග­න­යෙන් දායක වෙලා තියෙ­නවා. හිතු­ව­ක්කා­රයා ගත්තොත් අස­ම්මත ආදර කතා­වක්. හුස්මක් තර­මට පාසල් ප්‍රේම­යක්. මුල් කාලෙදි අව­ස්ථාව ලැබු­ණෙම ප්‍රේම­ව­න්තයා වෙන්න. ඔය අතරේ පාර දිගේ රංග­නය ප්‍රේම­ව­න්තයා කියන රාමු­වෙන් එළි­යට ගිහින් වෙන­සක් කරන්න මට අව­ස්ථාව ලබා ­දුන්නා. ඒක තමයි මගේ රංගන ජීවිතේ හැර­වුම් ලක්ෂ්‍යය වුණේ. අඟු­ලාන පරි­ස­රයේ ජීව­ත්වුණු දුප්පත් අහිං­සක වීදි කලා­ක­රු­වෙක්. සීසර්ලා ගත්තොත් වාහන සීස් කරන සීස­ර්ලාගේ ජීවි­තය ගැන කතා­වෙන නිර්මා­ණ­යක්. ඔය විදි­හට එහෙන් මෙහෙන් පොඩි පොඩි වෙන­ස්කම් වුණත් ආද­ර­ව­න්තයා කියන රාමුව ඇතුළෙ තමයි ගොඩක් නිර්මාණ කෙරුණේ.


රාහුල හාමු­දු­රුවෝ වෙන්න ලැබුණු අව­ස්ථාව ගැන මොකද හිතෙන්නේ?


ඒක තමයි මෙතෙක් මගේ රංගන ජීවිතේ ලබපු අභි­යෝ­ගා­ත්ම­කම අත්දැ­කීම. සුවි­නීතා වීර­සිං­හගේ අධ්‍ය­ක්ෂ­ණ­යෙන් නිම­වුණු ‘සාධි’ කියන සින­මා­ප­ටයේ රාහුල හාමු­දු­රු­වන්ගේ චරි­තය කරන්න අව­ස්ථාව ලැබුණා. සුවි­නීතා වීර­සිංහ කියන්නෙ මගේ නැන්ද කෙනෙක්. පාර දිගේ නාට්‍යයේ මගේ රංග­නය දැකලා ඇයට ඕන­වෙලා තිබුණා ඇගේ පළමු සිනමා අධ්‍ය­ක්ෂ­ණයේ ප්‍රධාන චරි­තය වන රාහුල හාමු­දු­රු­වන්ගේ චරි­ත­යට මාව යොදා­ගන්න. සාමා­න්‍ය­යෙන් මං කෑග­හල, දඟ­ලලා හරිම විනෝ­ද­යෙන් ඉන්න චරි­ත­යක්. සෙට් එකේදි වුණත් ගෙද­රදි වුණත් ඒක එහෙ­ම­මයි. ඒත් රාහුල හාමු­දු­රු­වන්ගේ චරි­ත­යට පණ පොවද්දී නිවුණු, තැන්පත්, හොඳ බුද්ධි­යක්, දර්ශ­න­යක් තියෙන, දැනු­වත් හාමු­දුරු නමක් විදි­හට මගේ පර්ස­ර්නැලිටි එක සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් කර­ගන්න වුණා. උන් වහන්සේ විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­බල ව්‍යාපා­රයේ නාය­කයා. රාහුල හාමු­දු­රු­වන්ගේ චරිත ස්වභා­වය හොඳින් අධ්‍ය­ය­නය කරලා, ඒ පසු­බිම සොයා බලලා, දිගු කාල­යක් ඒ වගේ චරිත කිහි­ප­යක් හොඳින් අධ්‍ය­ය­නය කරලා තමයි මං මේ චරි­ත­යට දාය­ක­ත්වය දුන්නේ. මං හිත­නවා මං මගේ උප­රි­මය කළා කියලා. නුදු­රේ­දීම ‘සාධි’ තිර­ගත වේවි. චිත්‍ර­ප­ටය බලලා ඔයා­ලගෙ අද­හස කියන්න කිය­ලත් මම ඉල්ල­නවා.


කෙළි­ලොල් යෞව­න­යට නිවුණු තැන්පත් බවක් ආරෝ­ප­ණය කර­ගන්න එක අභි­යෝ­ග­යක් වුණේ නැද්ද?


පැහැ­දි­ලි­වම ලොකු අභි­යෝ­ග­යක් වුණා. කෑග­හල, දඟ­ලල, කාලා බීලා හරිම විනෝ­දෙන් හිටිය මට තැන්පත් වෙන එක ගැන සෑහෙන්න හිතන්න වුණා. සිවුර ඇඳගත්ත දවසේ ඉඳන් මං පේ වුණා. මස්, මාළු­වත් නොකා ඒ වෙනු­වෙන් කැප­වෙලා තමයි සිවුර ඇන්දේ. එක භික්ෂූන් වහන්සේ නමක් ඇවිත් මට සිවුර අඳින විදිහ කියල දුන්නා. මේ චරි­තය ඇතුළෙ ජීවත් වෙද්දි මට ලොකු නිද­හ­සක් දැනුණා. ඇත්ත­ටම ඒක වෙනස්ම අත්දැ­කී­මක්. මං මට හැකි උප­රිම ගෞර­ව­යෙන් ඒ චරි­ත­යට සාධා­ර­ණ­යක් කළා.


ඔබ ක්ෂේත්‍රය හඳු­නා­ගන්නේ ගාය­ක­යෙක් විදි­හට. රංග­න­යෙන් ඔබ්බට ගිහින් සංගී­තය පැත්ත කතා කර­නවා නම්?


සංගී­තය තමයි මං වැඩි­පු­රම ෆෝකස් කරල තියෙන්නේ. තනි ගාය­ක­යෙක් විදි­හට මම ගයාන් ගුණ­ව­ර්ධන විදි­හ­ටත් මගේ පියා නුවන් ගුණ­ව­ර්ධන විදි­හ­ටත් අපි සංගීත කට­යුතු කර­ගෙන ගියා. ඒ සම­ඟම මගේ සංගීත කණ්ඩා­යම වන රෝඩ්ස් එක්කත් සංගීත කට­යුතු කර­ගෙන යනවා. ඉදි­රි­යේදී සංගී­තය පැත්තෙන් ගොඩක් දේවල් දැක­ගන්න පුළු­වන්.


ඔබ පියාගේ අඩි­පාරේ ආපු පුතෙක් වගේම පියා වෙනු­වෙන් බොහෝ දේ කරන පුතෙක්. ඒ ගැනත් කියන්න යමක් ඇති?


ඔව්. මගේ පියා නුවන් ගුණ­ව­ර්ධන ගැයූ ගීත 400කට අධික ප්‍රමා­ණ­යක් තියෙ­නවා. චිත්‍ර­පට ගීතත් විශාල ප්‍රමා­ණ­යක් තියෙ­නවා. ඒවා සුර­ක්ෂිත කර­මින් නුවන් ගුණ­ව­ර්ධන ගීත බැංකු­වක් ස්ථාපිත කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් මේ වන­ විට ක්‍රියා­ත්මක කර­මින් ඉන්නවා. ගීත­වල අයි­තිය පිළි­බඳ ගැටලු නිරා­ක­ර­ණය කර­ග­නි­මින් අදාළ නිර්මා­ණ­ක­රු­වන් සමඟ සාකච්ඡා කර­මින් ඒවායේ අයි­තිය ලබා­ගන්න මේ දින­වල කට­යුතු කර­මින් ඉන්නවා. ඒ වගේම මතු පර­පු­රට ඔහුව හඳුන්වා දීමේ අර­මු­ණෙන් ඔහුගේ ජීවිත කතාව සම්බන්ධ ඩොකි­යු­මන්ට්‍රි එකක් එළි­ද­ක්ව­න්නත් ක්‍රියා කර­මින් ඉන්නවා. ඔහු චිත්‍ර­පට පසු­බිම් ගාය­නය කළ ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන්, අධ්‍ය­ක්ෂ­ව­රුන් වගේම ඔහුගේ සම­කා­ලීන ගායන ශිල්පීන් ශිල්පි­නි­යන් එක්ක මේ දින­වල එහි රූගත කිරීම් පටන් අරන් තියෙන්නේ. ලබන දෙසැ­ම්බර් මාසයේ පැවැ­ත්වෙන නුවන් උප­හාර ගී ට්‍රිබි­යුටි නුවන් ප්‍රසං­ගය දව­සට එය එළි­ද­ක්වන්න කට­යුතු යොදා තියෙ­නවා.


රෝඩ්ස් කියන්නේ ඔබේ නාය­ක­ත්වය යටතේ ක්‍රියා­ත්මක වන සංගීත කණ්ඩා­යම. ඒ ගැන කතා කර­නවා නම්?


රෝඩ්ස් සංගීත කණ්ඩා­යම කියන්නේ එකෝ­ස්ටික් බෑන්ඩ් එකක්. වෙඩින්, කෝප­රේට් ඉවෙන්ට්ස්, ඩිනර් ඩාන්ස්, කොන්සට් වගේ ඒවා තමයි අපි කරන්නේ. සාමා­ජි­ක­යින් අට දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙක්ම ආර්ටිස්ට්ලා. මමත් එක්ක රශ්මික අභි­ෂේක් ගාය­න­යෙන් සම්බන්ධ වෙනවා. ඊට අම­ත­රව බේස් ගිටා­ර­යෙන් රෙහාන් ශෙනත්, කීබෝඩ් වාද­න­යෙන් ශම්මි ගීෂාන්, ගිටා­ර­යෙන් මනූෂ ප්‍රනාන්දු, ඩ්‍රම්ස් වාද­න­යෙන් සෙමි­නෙත් දේවාශ්, පර්කෂන් වාද­න­යෙන් අභි­ෂේක් කුරේ. සංගීත කණ්ඩා­යමේ ගීතත් ගොඩක් තියෙ­නවා. පහු­ගිය දව­ස්වල අපි බහ­රේන් සංචා­ර­ය­ක­ටත් සහ­භාගි වුණා. ලබන අවු­රු­ද්දෙත් සංචාර කිහි­ප­ය­කට ආරා­ධනා ලැබිල තියෙ­නවා. ඒ වගේම මං කැමැ­තියි අපේ බෑන්ඩ් එක ආර්ටිස්ට් කෙනෙක් විදි­හට හඳු­න්ව­න­වට. බෑන්ඩ් එකක් කියන්නේ ආර්ටිස්ට් කෙනෙක්. බොහෝ දුරට අපේ රටේ සංගීත කණ්ඩා­ය­මක් හඳු­න්වන්නේ කලා ශිල්පීන්ට බැක් කරන බැකින් බෑන්ඩ් එකක් කියලා. එහෙම නෙවෙයි ලින්කි­න්පාක්, ක්වීන්, මෙරුන්සා වගේ විදෙස් සංගීත කණ්ඩා­යම් හඳු­න්වන්නේ ආර්ටිස්ට් කියලා. අපේ රටෙත් මේරි­යන්ස්, ජිප්සීස්, ඩැඩී ගත්තොත් ඒ වගේ. අපේ බෑන්ඩ් එකත් ඒවා ෆලෝ අප් කරන බෑන්ඩ් එකක් විදි­හට තමයි යන්නේ.


ගාය­ක­යෙක්, රංගන ශිල්පි­යෙක්ට අම­ත­රව තවත් අංශ කිහි­ප­ය­කම ඔබ ක්‍රියා­කා­රියි නේද?


ඔව්. මට ශබ්දා­ගා­ර­යක් තියෙ­නවා නුගා ස්ටුඩියෝ ඇන්ඩ් ඇක­ඩමි කියලා. නුගා කියන්නේ නුවන් ගයාන් සංක­ල­න­යෙන් අපි හදා­ගත්ත බ්‍රෑන්ඩ් එකක්. දැන් අවු­රුදු හතක් තිස්සේ අලුත් ශිල්පීන් ශිල්පි­නි­යන්ට හඬ පුහුණු කරලා ක්ෂේත්‍ර­යට මුදා හරි­නවා. ගීත, ටෙලි පසු­බිම් ගීත, චිත්‍ර­පට පසු­බිම් ගීත, වෙළෙඳ දැන්වීම් ගීත නිර්මා­ණය වෙනවා. ඊට අම­ත­රව ගිටාර්, කීබෝඩ්, හඬ පුහුණු පන්ති කර­ගෙන යනවා. ඒ වගේම ව්‍යාපා­ර­ය­කුත් කර­ගෙන යනවා. මේ සියල්ල සම­බර කර­ග­නි­මින් තමයි කලා කට­යු­තු­ව­ලත් නියැ­ළෙන්නේ.


ඔබේ ගීත නිර්මාණ පැත්ත ගත්තොත්?


ටෙලිනාට්‍ය ගීත වගේම මගේම ගීතත් දැන් හත­ළි­හක් විතර තියෙ­නවා. ඒ අත­රින් යං, ඉස­බෙලා, සංසාර සංචාරේ, ආද­රය ගින්ද­රක්, හිතේ කතාවේ වගේ ගීත ගොඩක් ජන­ප්‍රිය වුණා. ඊට අම­ත­රව තවත් ගීත දෙකක් නිර්මා­ණය කරල තියෙ­නවා. ඒ අත­රින් ෂෙනාල් මද්දු­මගේ එක්ක ගායනා කරන ගීතය මේ අවු­රුද්දේ රිලීස් වෙනවා. ඊට අම­ත­රව සංගීත කණ්ඩා­යමේ ගීතත් එන්න තියෙ­නවා.


පූජනී කිය­න්නෙත් කාර්ය­බ­හුල චරි­ත­යක්. කොහො­මද ඇගෙන් ලැබෙන සහ­යෝ­ගය?


ඇත්ත­ටම ඇගෙන් තමයි ලොකුම සහ­යෝ­ගය ලැබෙන්නේ. අපි අවු­රුදු 5ක් ආද­රය කරලා තමයි විවාහ වෙන්නේ. අපි දෙන්නා අපි දෙන්නගේ වැඩ­ක­ට­යුතු කර­ගෙන යනවා. ඒ අතරේ අපි එකට සම්බන්ධ වෙලා කරන වැඩත් තියෙ­නවා. අපි අන්ති­ම­ටම එකට වැඩ කළේ සීසර්ලා ටෙලි නිර්මා­ණයේ. ඉදි­රි­යේදී තව නිර්මා­ණ­ය­කට ආරා­ධනා ලැබිල තියෙ­නවා. ගයියා- පූජි නමින් යුටි­යුබ් නාළි­කා­වක් කර­ගෙන යනවා. සෝෂල් මිඩියා පැත්ත කර­ගෙන යන්නේ පූජනී. ඇයට ඒ පිළි­බඳ හොඳ හැකි­යා­වක් තියෙ­නවා. අපේ එදි­නෙදා ජීවිතේ සිදු­වන දේවල් ස්ටෝරි විදි­හට ඇය යූටි­යුබ් නාළි­කාව ඔස්සේ මුදා හරි­නවා. ඒව­ටත් සෑහෙන්න ප්‍රති­චාර ලැබෙ­නවා.


බොහෝ දෙනා උත්සාහ කර­නවා කපල් විදි­හට ජන­ප්‍රිය වෙන්න. එත­කොට ගයාන්-පූජනී කියන්නේ?


ඇත්තම කිවුවොත් ගයාන් – පූජනී කියන්නේ තම තමන්ගේ දක්ෂ­තා­ව­ලින් ජන­ප්‍රිය වෙන්න කැමැති දෙන්නෙක්. ඇය ඇයගේ දක්ෂතා පැත්තෙන් යනවා. මම මගේ හැකි­යා­ව­න්ගෙන් දක්ෂතා පෙන්ව­නවා. අපිට කපල් වෙලා ජන­ප්‍රිය වෙන්න අවශ්‍ය නෑ කියන තැනයි මම ඉන්නේ. කපල් එකක් විදි­හට සහ­භාගි වෙන්න අවශ්‍ය තැනදි අපි එහෙම කර­නවා. ඔබ වෙනු­වෙන් ගීතය නිර්මා­ණය වෙන්නේ අපි දෙන්නගෙ දාය­ක­ත්ව­යෙන්. ඒක ගොඩක් ප්‍රති­චාර ලබ­මින් ගොඩක් ජන­ප්‍රිය වුණා. වෙඩි­න්වල අනි­වා­ර්ය­යෙන්ම ගැයෙන ගීත­යක් බවට පත්වුණා. අනෙක් හැම වෙලා­වෙම අපි දෙන්න අපි දෙන්නගෙ දක්ෂ­තා­ව­ලින් ඉදි­රි­යට යන්නයි වඩාත් කැමැති. ඒ නිසා අපි දෙන්නට ගොසිප් හැදෙන බොහෝ තැන් අපි දැන් මඟ­හ­රි­නවා.

 

gossiplanka image 1
Previous Post Next Post