මේ දිනවල තිරගතවන ‘අදිරන්’ සිනමා පටයේ මිශෙල් දිල්හාරා සමග ප්‍රධාන චරිතය රඟන ඔහු කවුද?. බොහෝ දෙනකුට ඒක ප්‍රශ්නයක්. ඔහු මුලින්ම රංගනයට එන්නෙ අවුරුදු දහනවයෙදි. ඒ, විලන් චරිතයකින්.
එතැනින් එහාට සහ ඊට කලින් ඔහුගේ ජීවිතය විවිධ පැතිකඩයන්ට දෝලනය වෙනව. ඒ ගැන අපි කියනවට වඩා ඔහුගේ වචනවලින්ම අහමු. මේ, රවීන්ද්‍රන් සුදර්ශන්ගෙ කතාව.
කවුද මේ රවීන්ද්‍රන් සුදර්ශන් කියන්නෙ?
මගේ ගම නුවර, පාසල් ගියේ දෙල්තොට මලෙයිමාල් හින්දු සෙන්ට්‍රල් කොලේජ් එකට. අවුරුදු දහඅටෙන් පස්සෙ රැකියාවක් කරන්න හිතාගෙන මම කොළඹට එනව. ඒ ගමනෙදි ශ්‍රී ලංකා ටෙනිස් ඇසෝසියේෂන් එකේ ෆ්රන්ට් ඔෆිස් කස්ටමර් සර්විස් නිලධාරියෙක් විදිහට වගේම එහිම තිබුණ ජූස් බාර් එකේත් වැඩ කළා.
රංගනයට යොමු වෙන්නෙ කොහොමද?
ඉන්දීය ජාතිකයෙක් වන බාලා කියන්නෙ මගේ තාත්තගෙ හොඳ යහළුවෙක්. තාත්තා මට එතුමාව හඳුන්වල දෙන ගමන් කිව්වෙ ශක්ති ටීවී නාළිකාවෙ ඩ්‍රාමා එකක් කරනව කියල. මම ඒ නාට්‍යයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඔඩිෂන් ගියා. බාලා මහත්මයා තමයි එහි ඩිරෙක්ටර් ඩී.ඕ.පී. එතුමා මට කිව්වා සුදර්ශන්, මේ කතාවෙ මේන් හීරෝ කැරැක්ටර් එක අරගෙන තියෙන්නෙ, ඔයාට විලන් කැරැක්ටර් එකක් දෙන්නම් කියල. ඒ වෙනකොට මගේ වයස අවුරුදු දහ නවයයි. එදා මම ඒ චරිතය භාර ගත්තා.
ඔබ ශක්ති ටීවී නාළිකාවෙ ප්‍රසන්ටර් කෙනෙක් විදිහටත් වැඩ කළා?
ඔව්, මගේ චරිතය රීච් වුණ නිසා මහරාජා සර් දැකල ඩිරෙක්ටර් බෝඩ් එකෙන් අහල තියෙනව, මෙහෙම කෙනෙක්ව මම දැක්ක, එයාව ප්‍රසන්ටර් කෙනෙක් විදිහට ගන්න පුළුවන්ද කියල. ඉන් පස්සෙ ප්‍රකාශ් කියල සර් කෙනෙක් දර්ශනා කියන ගර්ල් කෙනකුට කතාකරල කිව්වා මෙයාව ප්‍රසන්ටර් කෙනෙක් විදිහට ගන්න කියල. ඉන්ටර්විව් එකකින් පස්සෙ ශක්ති ටීවී එකේ ප්‍රසන්ටර් කෙනෙක් හැටියට මම අවුරුදු හතක් වැඩ කළා.
එතැනින් පස්සෙ?
අවුරුදු හතක් වැඩ කළාට පස්සෙ බිස්නස් වැඩක් කරන්න හිතාගෙන මම නාළිකාවෙන් ඉවත් වෙනව. ඉවත් වෙලා මගේ යාළුවත් එක්ක මෙරීන් ඩ්‍රයිව් එකේ සිනමා පුරම් නමින් ස්ටි්‍රට් ෆුඩ් කැෆේ එකක් කරගෙන ගියා. එයින් ටික කාලෙකට පස්සෙ ටෙක්නිකලි සිනමාව පැත්ත අධ්‍යයනය කරන්න හිතාගෙන මම ඉන්දියාවට යනව. එහිදී මට චිත්‍රපට දෙකක වැඩකරන්න අවස්ථාව ලැබෙනව. එතැනින් එහාට සිනමා නිර්මාණයක සහාය අධ්‍යක්‍ෂවරයෙක් හැටියටත් මම කටයුතු කරනව. කලා කටයුතු වෙනුවෙන් ඒක මට ලොකු අත්දැකීමක් වුණා.
නැවත ලංකාවට ඇවිත් මොනවද කළේ?
නැවත ලංකාවට ඇවිත් මම මගේම කියල ප්‍රඩක්ෂන් හවුස් එකක් පටන් අරගෙන මියුසිකල් ෂෝ වගේ ඉවෙන්ට්ස් කරගෙන හිටිය. එහෙම ඉන්න අතරතුර එක් ඉවෙන්ට් එකකට අනුග්‍රාහකත්වය දක්වපු ඇන්ටන් කියන මහත්මයා මම කරපු වෙළෙඳ දැන්වීමක් දැකල මගෙන් ඇහුව ඇයි දැන් ඇඩ් කරන්නෙ නැත්තෙ කියල. මට දෙන්න තිබුණ උත්තරය තමයි, ඒ මයින්ඩ් සෙට් එක දැන් මට නැහැ, නමුත් අවස්ථාවක් ආවොත් මම කරනව කියල. එතැනදි ඔහු මට කියනව, එහෙනම් සුදර්ශන් අපි මූවි එකක් කරමු කියල. අපි මුලින්ම පටන් ගත්තෙ ෂෝට් ෆිල්ම් එකක් කරන්න හිතාගෙන. ඒ අතරතුර මම අදිරන් ඩිරෙක්ටර් දිනේෂ් කනගරාජ් මහත්මයාට කතාකරනව. එතුමා කියනව ෂෝට් ෆිල්ම් එකක් එපා, බජට් එක ටිකක් වැඩි කරල අපි මූවි එකක් කරමු කියල. ඒ අනුව තමයි ‘අදිරන්’ බිහි වෙන්නෙ.
මේ අත්දැකීම කොහොමද ඔබට දැනුණෙ?
මේ නිර්මාණයට අපිට වුවමනා වුණේ ගැමි පරිසරයක්. ඒ අනුව අපි මස්කෙළිය ප්‍රදේශයට යනව. අපේ ඩිරෙක්ටර්ගෙ උපන් ගම පූඬලුව. පොඩි කාලෙ ඉඳන් ඉඳල තියෙන්නෙ මස්කෙළියෙ. ඒ ගිය ගමන දවස් විසිපහක් විතර අපි ෂූට් කළා. හරිම සීතලයි. ඒ සීතලත් එක්ක වැඩ කරන්නත් ඒ වගේම අමාරුයි. කූඩැල්ලොත් හැම තැනම ඉන්නව. මට මේකප් තුනක් කරන්න තිබුණා. උදේ පාන්දර දාපු එක දවල් වෙද්දි ඉවත් කරල අනෙක් සීන් එකට යනකොට ඒ ස්ටිකර් එකට මගේ මුහුණ රෝස පාට වගේ වෙනව. වොෂ් කරල ආයෙ මේකප් කරල කිසිම වෙනසක් නැතිව මම ඉන්න ඕන. මේ නිර්මාණයේදි ඒක තමයි මට තිබුණ ලොකුම අභියෝගය.
මිශෙල්ව තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?
අදිරන් සිනමා පටයෙදි කාන්තා චරිතයට කරන්න දේවල් ගොඩක් තියෙනව. ඒ නිසා මුල ඉඳන් අපි ප්ලෑන් කළේ හොඳට රඟපාන්න පුළුවන් වගේම ඒ ලුක් එක තියෙන ගර්ල් කෙනෙක් තෝරා ගන්න. ඒ අනුව තමයි අපි සිංහල නිළියන් ගැන හොයල බලන්නෙ. එතැනදි මුලින්ම අපි කැමති වුණේ මිශෙල්ගෙ ලුක් එකට. වැඩි විස්තර කතාබහ කරගත්තට පස්සෙ ඇය කැමති වුණා මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න.
අදිරන් හි ඔබ මිශෙල්ගෙ ප්‍රේමවන්තයා?
ඔව්, මිශෙල් කියන්නෙ ඇක්ටින් වයිස් වගේම මානුෂීය පැත්තෙනුත් ඉතාම හොඳ කෙනෙක්. නිර්මාණය තුළදිත් අපි දෙන්නගෙ කෙමිස්ටි්‍ර එක ගොඩක් හොඳින් ගැළපුණා. ඒ වගේම ඇයට දමිළ භාෂාවන් දෙබස් ටිකක් කියන්න තියෙනව. ඒ වෙලාවෙදි මම ගොඩක් උදව් කළා.
ෆිල්ම් එක රිලීස් කරන්න තිබුණ දවසෙ ෂූටිං කළ ලොකේෂන් එක නාය යනව?
ඔව්, ඒ සිදුවීම අපිට ලොකු දුකක් වුණා. එදා අපි ෂූටිං කරද්දි ගමේ මිනිස්සු අපිට ගොඩක් උදව් කළා. ඒ වෙනුවෙන් ෆිල්ම් එක රිලීස් කරන දවසෙ ලොකු ස්ක්‍රීන් එකක් දාල ඔවුන්ට පෙන්වන්නයි අපි හිතාගෙන හිටියෙ. නමුත් ඒ හැමදේම හිතාගන්න බැරි විදිහට වෙනස් වුණා.
මේ අනපේක්‍ෂිත අවස්ථාව ඔබට දැනුණෙ මොන විදිහටද?
ඇත්තටම ඒක හරිම සංවේදී අවස්ථාවක්. නමුත් අපිට සොබාදහමත් එක්ක ෆයිට් කරන්න බැහැ. අවනත වෙන්නම සිදු වෙනව. සියලු දේ ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙන්න කියල අපි අදටත් ඔවුන් වෙනුවෙන් යාඥා කරනව.
සිංහල සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද?
ඔව්, මට ලොක-ු ආසාවක් තියෙනව සිංහල චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. ඒ වගේම රංජන් අයියා සහ හේමාල් අයියත් එක්ක ස්ක්‍රීන් ෆේස් ශෙයාර් කරන්නත් ලොකු ආසාවක් තියෙනව. සිංහල සහ දමිළ සිනමාව එකතු කරල ශ්‍රී ලංකන් ප්‍රඩක්ට් එකක් විදිහට ලෝකෙට ගෙනියන්නයි මේ හැම දේකින්ම මම උත්සාහ කරන්නෙ.
මහේෂ් එදිරිසිංහ