රඟපෑම පැත්තකින් තියලා බිස්නස් එකකට බැස්සා -විදුරවි හංසජ

gossiplanka image 2
 



රංගනය කියන කලාව තුළ රසික හදවත් තුළ අමතක නොවන චරිතයක් බවට පත්වෙන්න හැමෝටම බැහැ. ඉතින් ඒ රසික හදවත් හරි අපූරුවට ස්පර්ශ කළ කඩවසම් දක්ෂයෙක් විදියට විදුරවි හංසජ කුඹුකගේව හඳුන්වා දෙන්න පුළුවන්. ‘හිත ළඟ හිනැහුණා’ සහ ‘සංසාරිණී’ වැනි ටෙලිනාට්‍ය රැසකින් අපට මුණගැසුණු ඔහු, කලාවෙන් ටික කලකට විවේකයක් අරගෙන. ඉතින් ‘හාට්’ අපි ඔහු සමග ටිකක් කතා කළා.Sri Lanka Latest News


ඉතින් විදූ, කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. කියන්න වරදක් නැහැ. හරිම සතුටින් හොඳින් ඉන්නවා.

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

මේ දවස්වල වැඩකටයුතු ගැන කියන්න තියෙන්නේ, ඉදිරියේදී එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අලුත් නිර්මාණයකින්. ඒක ගොඩක් දුරට ලබන අවුරුද්ද වගේ වෙයි. ජනවාරි – අප්‍රේල් වගේ වේවි කියලා හිතනවා. තව මගේ ව්‍යාපාර වැඩකටයුතු එක්ක තමයි මේ දවස්වල කාලය ගෙවෙන්නේ.

පවුලේ විස්තර ටිකකුත් කියමු?

පවුලේ විස්තර කතා කළොත් මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. තව බල්ලෝ තුන් දෙනෙකුත් ඉන්නවා. මගේ අම්මා විශ්‍රාමික ගුරුවරියක්. තාත්තා විශ්‍රාම ගිය ශබ්ද පරිපාලකවරයෙක්. එහෙම තමයි පවුලේ විස්තර නම්.

ඇයි හදිස්සියේම කලාවෙන් ඈත් වෙන්න හේතුව?

හදිස්සියේම කියලා නැහැ. ඇත්තටම කලාවෙන් අයින් වුණේ නැහැ, සහ කවදාවත් කලාවෙන් අයින් වෙන්නේ නැහැ. ඇත්තටම මම කලාවට සම්බන්ධ වෙලා 2024 වගේ වෙනකල් ක්ෂේත්‍රයේ හිටියා. පස්සේ මම පොඩි විවේකයක් ගත්තා. මම තීරණය කළා මගේ ව්‍යාපාර කටයුතු පැත්තට අවධානය යොමු කරන්න ඕනේ කියලා. ඒත් එක්කම තමයි ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත් වුණේ. හැබැයි කලාවෙන් අයින් වෙන්නේ නැහැ කවදාවත්.

අපිට විදූව ආයේ තිරයේ දකින්න පුළුවන් වේවිද?

අනිවාර්යයෙන්ම. ඉදිරියේදී අලුත් ටෙලි නිර්මාණයකින් දකින්න පුළුවන්. ටෙලි තිරයේ ඉදිරියේ අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒ වගේම බලාපොරොත්තුවක් තියෙනවා රිදී තිරයටත් එන්න.

මේ වනවිට ඔබ රඟපෑ චරිත අතරින් ඔබේ හදවතට සමීපම චරිතය මොකක්ද? මොකක්ද එහෙම වෙන්න හේතුව?

මම කරපු හැම චරිතයක්ම මට ඇත්තටම හදවතට සමීපයි. එකක් කියලා නැහැ. මම කරපු චරිත ඇත්තටම මිනිස්සු හරි ආදරයෙන් වැලඳගත්තා. ඉතින් මම හිතනවා සහ මට දැනෙනවා ඒ හැම චරිතයක්ම මට හරි සමීපයි කියලා.

ඉතින් විදූ, ඔබේ ඉදිරි වැඩකටයුතු වගේම අනාගත බලාපොරොත්තු ගැනත් මතක් කරලම කතා බහ අවසන් කරමු?

ඇත්තටම ඉදිරි වැඩකටයුතු ගත්තම, ඉදිරියේදී අලුත් නිර්මාණයක් එන්න තියෙනවා. ඒකේ පිටපත ලියාගෙන යනවා මේ දවස්වල. ලබන අවුරුද්දේ ඒ නිෂ්පාදන කටයුතු පටන් ගනීවි. ඒත් එක්කම මගේ ව්‍යාපාර කටයුතු එක්ක තමයි ඉදිරි අනාගතය සැලසුම් වෙලා තියෙන්නේ.

gossiplanka image 1
Previous Post Next Post