මේ දවස්වල. ‘The Lake’ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. දැන් අවුරුදු තුන හතරකට කලින් රූගත කරන ලද නාට්‍යයක් නැවත පටන් ගත්තා. ඒ වගේම තමයි ‘The Money’ කියලා ෆිල්ම් එකක් කලා සරත් කොතලාවලගේ. ඒකේ වැඩ කටයුතු පහුගිය දවස්වල තිබුණා.. ඊට අමතරව මේ වන විට අලුතින් මගේ වැඩක් කරන්න සූදානම් වෙලා ඉන්නවා.
ඔබට ආදරය කරන රසිකයන්ට දැනගන්නත් එක්ක පෞද්ගලික විස්තර ටිකක් කිව්වොත්?
මම ගමක හැදුණු කෙනෙක්. අම්මා, අප්පච්චි සහ අක්කලා හතර දෙනෙක් තමයි මගේ පවුලෙ ඉන්නෙ. මම විවාහ වෙලා පුතෙක් ඉන්නවා මට. පවුලෙ කවුරුවත් රංගන කේෂ්ත්‍රයේ නෑ. මගේ ආසාවට තමයි කලාවට සම්බන්ධ වෙන්නෙ.
වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව අතරින් ඔබ වැඩිපුරම කැමැති?
තුනටම කැමතියි හැබැයි වැඩිපුරම කැමති චිත්‍රපටවලට.
ප්‍රේක්ෂකයන් අතර ඔබ ජනප්‍රිය වුණේ පාර දිගේ, අමුතු දොස්තර වැනි ටෙලිනාට්‍ය හරහා කියල කිව්වොත් …
ඔව් ඒක ඇත්ත. ඊට අමතරව තුන්පනේ, ත්‍රෛලෝක නාට්‍යයත් තියෙනවා. ඒත් ඉතින් වැඩිපුරම ජනප්‍රිය වුණේ පාර දිගේ, අමුතු දොස්තර වගේ ටෙලිනාට්‍ය නිසා තමයි.
එක චරිතයකට රාමුගත වෙන්නේ නැතුව ඔබ විවිධ චරිත නිරූපණය කරනවා. ඒ ගැනත් පැහැදිලි කළොත් …
එකම දෙයක් දිගටම කරලා තේරුමක් නැහැනේ. ඒ හින්ද මම හිතුවා වෙනස් චරිත, වෙනස් හැඩ තියෙන විවිධ අයුරින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් චරිත කරන්න. ඒක තමයි මගේ ආසාව. නළුවෙක් විදියට විවිධ චරිත කරන්න කැමතියි. නළුවෙක් කියන්නෙම මං හිතන්නේ එහෙම කෙනෙක් තමයි.
පෙම්වතකුගේ චරිතයක් රංගන ක්ෂේත්‍රෙය් ඔබ දකිනේ කොහොමද?
පෙම්වතාගේ චරිතය කරන්න පුළුවන්. සමාජය හිතන් ඉන්න පෙම්වතා නෙවෙයි සැබෑ පෙම්වතා. පෙම්වතෙක් විදියට විවිධ අවශ්‍යතා තියෙනවා. අන්න ඒ වෙනස් විධියේ පෙම්වතෙකුගේ චරිතයක් නිරූපණය කරන්න මං කැමතියි.
කලා ක්ෂේත්‍රයේ විවිධ බාධක කැපිලි, කෙටිලි තියෙන බව වාර්තා වනවා. ඔබටත් ඒ වගේ අත්දැකීම් තියෙනවද?
ඒ වගේ අත්දැකීම් තියනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. හැමදාම වහින්නෙත් නැහැ, පායන්නෙත් නැහැ, මුහුද ගොඩ ගලන්න පුළුවන්, ඒ වගේ තමයි ඉතින් ජීවිතය.
ඇතැම් රංගන ශිල්පීන් සම්මාන බලාගෙන වැඩ කරනවා. ඒ ගැන දරන අදහස?
සම්මානයක් කියන්නේ එක කඩයිමක් තමයි. සම්මාන ලැබෙන්න ඕන. ඇගයීම් ලැබෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි සම්මාන බලාගෙනම වැඩ කරනවා කියන එක වෙනම දෙයක්. සම්මාන ලබන්න වැඩ කරනවා කියන්නේ තව දෙයක්. හැබැයි සම්මාන ලබනවා කියන්නේ මිනිස්සු ඇතුළේ කතාබහ වෙනවා නම්, මිනිස්සු ඇතුළේ අපි ජීවත් වෙනවා නම්, මම හිතන්නේ මිනිස්සු ගාව තමයි අපේ සම්මානෙ තියෙන්නෙ.
රංගන කටයුතුවලදී ඔබට අත්දැකීම් අඩු නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා ඇතිනෙ. කොහොමද ඒ අයත් එක්ක මේ ගමන යන්නෙ?
සුහදව එයාල එක්ක ඉන්නවා. ඒ අය එක්ක දැනුම, අත්දැකීම් බෙදා ගන්නවා. එයාලා අපේ අනාගතය කියල අපි තේරුම් ගත යුතුයි.
අනාගත බලාපොරොත්තු මොනවද?
ජීවත් වෙලා ඉන්න කාලයේ පරිසරය සහ අවකාශය රස විඳින එක. පැවරිලා තියෙන වැඩ කටයුතු කළ යුතුයි. ඒ හරහා ජනතාවට රසයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව.
කළණි රසංගා