මගේ කියලා ටාගට් තියෙනවා- සාවින්දි සෙනාලියා

gossiplanka image 1
 


උණුසුම් පිට අපි කලා ලොවේ හැමදේම ඔබට කියනවනේ. අපි හැමදාමත් කළේ අලුත්ම තොරතුරු ඔබ වෙත ගෙන ඒමයි. ‘මව්රට’ ජාතික පුවත්පතේ ‘හාට්’ අතිරේකය හරහා කලා ලොවට පිවිසෙන්නට වෙර දරණ අංකුර නිර්මාණකරුවන් ගැන මීට පෙරත් අපි රටට කියලා තියෙනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයේ සාරණ්‍යාගේ චරිතයට පණ පොවන සාවින්දි සෙනාලියා ගැන අලුත්ම තොරතුරු ටිකක්. ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙන්න ඔන්න සාවින්දි දැන් ‘හාට්’ එකට ගොඩවැදුණා.


සාවින්දි කියන්නද සාරණ්‍යා කියන්නද?

මේ දවස්වල නම් ගෙඩ දෙනෙක් මාව දන්නේ සාරණ්‍යා විදියට. ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යය ගිය සතියේ තමයි පටන් ගත්තේ. තාම ඉතින් පටන්ගැන්මනේ. හැබැයි ඉතින් මේ ගෙවුණු දවස් කීපයට සාරණ්‍යා ආදරෙන් වැලඳගෙන තිබෙනවා බොහෝ දෙනෙක්. ඒ ගැන මටත් සතුටුයි.

හැබැයි ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි ඔබත් ඒ චරිතයට ළෙංගතු වුණා?

ඇත්තට ඔව්. මම ඒ චරිතය භාරගත්තේ ගොඩක් අශාවෙන්මයි.

‘මං ආදරෙයි’ ටෙලිනාට්‍ය පිටපත කියවලා බලනකොට පුදුම ආශාවක් ඒ චරිතය කරන්න මට ඇතිවුණා. සාරණ්‍යා හා සමානයි මමත්. වෙනසකට තියෙන්නේ ඒ වගේ අසනීපයක් නැති එක විතරයි. මම හරි පහසුවෙන් ඒ චරිතය රඟපෑවා. ඒ විතරක් වෙවෙයි. අපේ කණ්ඩායම හරිම එකමුතුවෙන් තමයි වැඩ කටයුතු කළේ.

එතකොට ඔබේ ගම් පළාත කොහෙද?

මම රත්නපුර කලවාන ප්‍රදේශයේ.

තවම පාසල් යනවද?

ඔව්. මම උසස් අධ්‍යාපනය හදාරනවා. මේ දවස්වල අධ්‍යාපන කයටුතු වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ අතර ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා.

ගායන ශිල්පිනියක් ලෙස තමයි අපි ඔබව මුලින්ම දැක්කේ?

ඔව්. මම 2012 දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට බදිරිපත් වුණා. මම එයින් දෙවැනි ස්ථානයට ආවා. මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණෛ් දෙරණ ටීවී හරහා. ලක්සිරි සර්ට මම ස්තුතිය පුදකරනවා මට සාරණ්‍යා චරිතය ලබාදීම ගැන.

පූර්ණකාලීන රංගන ශිල්පිණියක් ලෙසට ඔබව ඉදිරියේදී දකින්න අපිට පුළුවන් වේවිද?

එහෙම නෑ. මගේ ටාගට් තියෙනවා. මම ගොඩක් කැමැති ගායනය පැත්තෙන් ඉදිරියට යන්න. ඒ අතර මේ වගේ හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මම කලින් කිව්වා වගේ දෙරණ නාලිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ සර් නිසා මගේ දක්ෂතාවන් එකම නාලිකාවක එකම නිර්මාණයක් හරහා ඉදිරිපත් කරන්න ලැබුණා. ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයේ මම රඟපානවා වගේම තේමා ගීතය ගායනා කරන්නත් මට අවස්ථාව හිමි වුණා. ඒ විතරක් නෙවෙයි, නර්තනය පැත්තෙනුත් මම දායක වුණා. ඉතින් මගේ හැකියාවන් තුන හරහාම එකවර ප්‍රේක්ෂකයන් අතරට යන එක විශේෂ අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්.

පසුගිය දවස්වල ඔබ ප්‍රසංග වේදිකාවට දැක්වූ දායකත්වය කොහොමද?

ප්‍රසංග සඳහා මම සම්බන්ධ වුණා. තෝරා බේරාගෙන තමයි මම ඒ ප්‍රසංගවලට සම්බන්ධ වුණේ. මගේ අනෙකුත් වැඩකටයුතුවලට බාධාවක් නොවන විදියට තමයි මම ප්‍රසංග වේදිකාවට යන්නේ. කොහෙ ගියත් මගෙ අම්මයි තාත්තයි දෙන්නම මා එක්ක යන එන නිසා මට ඒක ලොකු හයියක්.

දැන් ඉතින් ‘මං ආදරෙයි’ කියන්න කෙනෙකුත් ඇති?

අම්මේා ඒ දේවල් මම හිතන්නේ නැහැ. මගේ මවුපියන්ගේ ආදරය මහමෙරක් තරම්. මම කියලා තියෙන්නෙත් ඒ දේවල් අම්මටයි තාත්තටයි ගැළපෙන හොඳ කෙනෙක් සුදුසු කාලයට තෝරලා දෙන්න කියලා. එදාට මම කැමැති නම් කියන්නම් කියලා. මම වැඩිපුරම ආශ්‍රය කරන්නේ පිරිමි ළමයි. ඉතින් මගෙ මවුපියන්ගේ විශ්වාසය මම හදවතින්ම රකිනවා. 

gossiplanka image 2
Previous Post Next Post