පුංචි තිරයේත්, වේදිකාවේත් නිහඬව හෙමින් ගමනක් යන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසට මේධා ජයරත්නව හඳුන්වන්නට පුළුවන්. ඇය මේ දවස්වල එක්තරා කෝලමක පැටලී කාලය ගත කරන අතරතුර ඇයගේ කාලය ‘මව්රට හාට්’ වෙනුවෙන් වෙන්කර ඒ කෝලම ගැන රටටම කියන්න අපි හිතුවා.Sri Lanka Latest News
ඉතින් කොහොමද මේධා?
හොඳින් ඉන්නවා. හැබැයි ඉතින් මේ දැනුත් කෝලම්කාරයෝ සමඟ කාලය ගත කරන්නේ.
ඇත්තටම මොකක්ද මේධා මේ කෝලම?
සරත් දික්කුඹුරගේ නවතම වේදිකා නාට්‍යය කෝලම්කාරයෝ. ඒ පුහුණුවීම් කටයුතු මේ දැනුත් කරන ගමන්. සුදත් රෝහණ නිෂ්පාදනයක්. කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් රැසක් මේ වේදිකා නාට්‍යයේ රඟපානවා. මංගල දර්ශනය මේ මාසේ සිදුකිරීමට ඇති බැවින් වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂක හැමෝටම කෝලම්කාරයෝ වේදිකා නාට්‍ය තවත් වෙනස් අත්දැකීමක් වෙයි.
මේධා වේදිකාවට ඒ තරම් ලොකු කාලයක් වෙන් කළ ශිල්පිනියක් නෙමෙයි නේද?
මම වේදිකාවෙන් ආපු රංගන ශිල්පිනියක් නෙමෙයි. හැබැයි මම වේදිකාවට ගොඩක් කැමතියි. මගේ සහෝදර ශිල්පීන්ගේ වේදිකා නාට්‍ය විවේකය ලැබෙන වෙලාවට මමත් ගිහින් ප්‍රේක්ෂකයෙක් විදිහට බලනවා. මම රංගනයෙන් දායක වුණ ‘මැක්කා’ වේදිකා නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙල අවසන් වටයට පවා තේරුණා. දැන් ඉතින් කෝලම්කාරයේ සමඟ රටපුරා යන්න තමයි බලාපොරොත්තුව. ලබන වසරේ කෝලම්කාරයෝ සමඟ විදේශගත වීමටත් තිබෙනවා. මම ඉතින් මේ මාධ්‍ය තුනටම කැමතියි.
ආදරයට අකුල් හෙළෙන එක හරි නැහැ නේද?
මම ඉතින් බැඳලා නැහැ. නිකම්ම වයසට ගිහින්. ඒ හින්ද ආදර සම්බන්ධතාවලට ඊර්ෂ්‍යාවක් තියෙනවා. නපුරුම ගුරුවරියක් විදියට තමයි මම චංචල රේඛා ටෙලි නාට්‍යයේ රඟපාන්නේ. මගෙ අම්මාත් ගුරුවරියක් නිසා ඒ අත්දැකීම් එක්ක මට ඒ චරිතය රඟපාන්න ගොඩක් පහසු වුණා. හැබැයි මගෙ චරිතය වගෙ අම්මා නපුරු නැහැ. ඇය ගුරුවරියක් ලෙසට දරුවන්ට පුදුම ආදරය සෙනෙහස දක්වන්නේ.
මේධාගේ ගුරු සිහිනය මොකද වුණේ?
කැලණිය විශ්වවිiාලයේ ජන සන්නිවේදන ලලිත කලා සිංහල හැදෑරුවා. කලාවට සම්බන්ධ වෙන්න ඉතින් ඒ කාලේ තිබ්බ ආසාවත් එක්ක කලා ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහා සම්බන්ධ වුණා. සමහර විට මම ගුරුවරියක් ලෙසට කටයුතු කළා නම් මේධා ජයරත්න කියලාවත් අඳුරන්නැති වේවි. මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය මිල කරන්න බැහැ. මගේ පවුලේ හැමෝම ගුරුවරු. මම විතරයි මේ පැත්තට යොමුවුණේ.
කාලයක් ඔබ නිර්මාණවල දකින්න නැති තරම්?
ඒ මම විදේශගත වුණ කාලවල. හැබැයි මම කලාවෙන් ඈත් වෙලා නෙමෙයි. දැන් ඉතින් පූර්ණකාලීනව කලා කටයුතු වෙනුවෙන් කාලය වෙන් කරලා ඉවරයි. මම මේ ලබන ප්‍රේක්ෂක ආදරය මට විදේශ රටක ඉඳලා අත්විඳින්න බැහැ.ඒ නිසා මම හිතුවා කලා කටයුතු වෙනුවෙන්ම දිගටම ලංකාවේ රැඳෙන්න.